අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කණ්ඩයම් නායකයන් පත් කිරීමේ තීරණය ගත නොහැකියි - මට අයිති කාරණයක් නොවේ - කතානායක

    මාර්තු 09, 2017

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ කණ්ඩයම් නායකයන් පත් කිරීමේ තීරණය තමාට ගත නොහැකි බවත් එය තමන්ට අයිති කාරණයක් නොවන බවත්   කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ අද (09) පාර්ලිමේන්තුවේ දී කළේ ය.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුවට සහභාගී වීම අත් හිටුවීමට තීරණය කිරීමෙන් පසු හිස් වූ කණ්ඩයම් නයකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත් කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- කුමක් ද ඉල්ලීම? පක්ෂ නායකයා නොමැතිනම්  වෙන කෙනෙකුට එම ප්‍රශ්නය අහන්න අවස්ථාව නෑ. එතුමා පැමිණි පසු පිළිතුරු ලබාදෙන්න පුළුවන්. අපි කියන්නේ නීතිය ගැනයි.  සන්ධානයේ පක්ෂයේ නායකයාගෙන් අසා තීරණයක් ගන්න.

    කතානායක කරූ ජයසූරිය මහතා- මම සන්ධානයේ නායකතුමාට ඉදිරිපත් කරන්නම්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නනායක්කාර මහතා සඳහන් කළේ වැඩ බැලීම සඳහා නායකයකු අවශ්‍ය බවයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- දිනේෂ් ගුණවර්ධන මතිතුමාගේ නායකත්වයට අපේ විරුද්ධත්වයක් තිබුණේ නෑ. අපි ඔක්කොම එකඟ වුණා. මෙතැන කණ්ඩායමේ නායකත්වය ඉල්ලන්නේ. කණ්ඩායමේ නායකත්වය තිබෙන්නේ සන්ධානයටයි.

    කණ්ඩායම් නයකත්වය ලබාදීම තමන්ට අයිති කාරණයක් නොවන බව කතානායකවරයා මෙහිදී සඳහන් කළේ ය. මේ පිළිබඳව සකච්ඡා කර දැනුවත් කරන බවද කතානායකවරයා පැවසී ය.

    පාර්ලිමේන්තු ඩලස් අලහප්පෙරුම මහතා -  වැදගත් විවාදයක් තිබෙන අවස්ථාවක ඉල්ලීමක් කරනවා. අදාළ කාලය තුළදී 23 (2) යටතේ ප්‍රකාශ ඇතුළු කාරණා කීපයක් අහිමි වෙනවා. තීරණය තිබෙන්නේ ඔබතුමාගේ අතෙයි. ඒ තීරණය දෙන්න .

    කතානායක කරූ ජයසූරිය මහතා - සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නයකයා සමඟ සාකච්ඡා කර මම දැනුම් දෙන්නම් ඒ සඳහා අවස්ථාව දෙන්න.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා-  මොනාද මෙතන කියන්නේ. අද වැදගත් විවාදයක් කරන්න තිබෙනවා.

     

    පසුව කතානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව වෙත දන්වා සිටියේ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා තමා වෙත දැන්වූ බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya