අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැමිණිලි 49ක් විමර්ශනය කොට අවසන්

    මාර්තු 09, 2017

    බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂම මඟින් පැමිණිලි 49ක් විමර්ශනය කොට අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23(02) යටතේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශනයට පත් කළ කොමිෂමේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වන වර්තමාන තත්ත්වය විමසමින් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

    විමර්ශන කොමිෂමට මේ දක්වා පැමිණිලි 1599ක් ලැබී තිබෙනවා. එම සියලු පැමිණිලි අධ්‍යයනය කර වර්ගීකරණය කර තිබෙනවා.මුල් අවස්ථාවේ ලැබී ඇති පැමිණිල්ල සළකා බැලීමෙන් අනතුරුව තවදුරටත් ඉදිරි කටයුතු කිරීමට අනවශ්‍ය බවට කොමිෂන් සභාව තීරණය කළ පැමිණිලි සංඛ්‍යාව 1180කි.කොමිෂන් සභා විමර්ශන නිලධාරීන් වෙත විමර්ශනය සඳහා යොමු කළ පැමිණිලි සංඛ්‍යාව 400කි.

    විමර්ශන අවසන් කර පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති පැමිණිලි සංක්‍යාව 49කි. මේවනවිට විමර්ශනය කර අවසන් කිරීමට පැති පැමිණිලි සංඛ්‍යාව 158ක්.

    දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි සළකා බලා,යම් යම් චූදිතයන්ට විනයාණුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමු කර ඇත.

    මේ කොමිෂන් සභාවට බලය තිබෙන්නේ වාර්තා කරන්න පමයි. දඬුවම් කරන්න බැහැ. දඬුවම් කිරීමේ බලය ඇත්තේ නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පමණයි.

    මෙම කොමිෂම වෙත ඉදිරිපත් වී ඇති පැමිණිලි ප්‍රමාණය, විමර්ශනයේ ස්වභවයත් සළකා බලා,කොමිෂමේ බලාත්මක කාලය 2017 සැප්තැම්බර් 03 දක්වා තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya