අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත - ස්වභාවික සම්පත්වලට අවම හානියක් වන පරිදි සංවර්ධනය කිරීමට හැකිවෙනවා

    මාර්තු 08, 2017

    සංවර්ධනය කිරීමේදී ස්වභාවික සම්පත්වලට අවම හානියක් වන පරිදි සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත මඟින් හැකි වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.

    තිරසර සංවර්ධන වැඩපිළිවෙළ ආරම්බ කළේ මා එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයාව සිටියදීයි. තිරසර සංවර්ධනයක් කිරීමේ පනතට සමහර පළාත් සභා අනුමැතිය ලබාදී නැහැ. එයට ඔවුන් දේශාපලන මතයක් දරනවා. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17 නෛතික වශයෙන් පිළිගෙන පනතක් ඉදිරිපත් කළ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි. සංවර්ධනය කිරීමේදී ස්වභාවික සම්පත්වලට අවම හානියක් වන පරිදි සංවර්ධනය කිරීමට මෙමඟින් හැකියාව තිබෙනවා.

    දුප්පත්කම තුරන් කිරීම, කුසගින්න නැති කිරීම, හොඳ සෞඛ්‍ය තත්ත්වයක්, හොඳ අධ්‍යාපන තත්ත්වයක්, පිරිසිදු පානීය ජලය, නව තාක්ෂණය හා යටිතල පහසුක්ම් ලබාදීම, තිරසර නගර සංවර්ධනය, පරිසරය රැකබලාගැනීම, ගොඩබිම ජීවින් හා ජලජ ජීවින් රැක ගැනීම, නීතිය හා සාමය රැකීම යන කරුණු යටතේ මේ තිරසර සංවර්ධනය සිදු කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya