අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් සංවර්ධනය කිරීමට නම් දූපත් මානසිකත්වයෙන් මිදිය යුතුයි -රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    මාර්තු 08, 2017

    දූපත් මානසිකත්වයෙන් මිදී කටයුතු නොක‍ළහොත් රටක් සංවර්ධනය වෙන්නේ නැතැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.

    තිරසර සංවර්ධන සභාවක් පිහිටුවීමට මෙමඟින් කටයුතු කරනවා. තිරසර සංවර්ධනය සම්බන්ධිකරණය කිරීමට එය වැදගත් වෙනවා. 2030 වනවිට ඉලක්ක ගත සංවර්ධන සැළසුමකට යාමට  මේ පනත මඟින් අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රමිතීන් අනුව සංවර්ධනයවීම ඉතාම වැදගත් වෙනවා.

    රාජ්‍ය ආයතනත් මේ තුළිත් සම්බන්ධීකරණය වෙනවා. විවිධ පුද්ගලයින් සංවර්ධන ක්‍රියාවලියි හවුල්වී සිටිනවා. නව තාක්ෂණය, නව දැනුම එනවිට ලෝකය වෙනස් වන විට එයට මුහුණදීමට අපිට යාන්ත්‍රණයක් අවශ්‍යයි. ලෝකයේ සිටින අනෙකුත් රටවල් සමඟ තරඟකාරීත්වයෙන් තමයි ගෝලීය ආර්ථිකය තුළ දියුණු විය හැක්කේ. නැතිනම් ‍දූපත් මානසිකත්වයෙන් මිදී කටයුතු නොක‍ළහොත්  රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. අපේ සමාජීය, සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් අනන්‍යතාවය රැක ගනිමින් ගෝලීය ආර්ථිකය ජයගැනීමට මෙම වැඩපිළිවෙළ ඔස්සේ නිර්මාණය කළ හැකි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya