මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආයෝජකයින් පැමිණෙමින් තිබෙනවා - එයින් ආර්ථිකය ගොඩනැංවිය හැකියි

    මාර්තු 07, 2017

    නව ආයෝජකයින් පැමිණෙමින් තිබෙනවා. එයින් ආර්ථිකය ගොඩනැංවිය හැකියි. විපක්ෂයේ විවේචන සාධාරණ විවේචන විය යුතුයි. රටට බොරු කියමින් ජනතාව නොමඟ යනවා නම් රටට කරන අපරාධයක් වෙනවා. හොරකම් කරන්න අපි කිසිලෙසක ඉඩ තියන්නේ නැහැ යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් පිළිබඳ විවාදය එක්වෙමිනි.

     

    රාජ්‍ය ආදායමෙන් සියයට 96ක් ණය ගෙවන රටක් බවට අප පත්වෙලා තිබෙනවා. එය අඩු කිරීමට මේ ජාතික ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. එම අභියෝගය තමයි අපි සාර්ථකත්වය කර ගන්න හදන්නේ. විදෙස් රටවල් අතර තිබෙන හොඳහිත දියුණුවීම තුළින් අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් තිබෙනවා.

     

    යුරෝපයට මත්ස්‍ය අස්වැන්න ‍විකිණීමට හැකිව තිබෙනවා.  නව ආයෝජකයින් පැමිණෙමින් තිබෙනවා. එයින් ආර්ථිකය ගොඩනැංවිය හැකියි. විපක්ෂයේ විවේචන සාධාරණ විවේචන විය යුතුයි. රටට බොරු කියමින් ජනතාව නොමඟ යනවා  නම් රටට කරන අපරාධයක් වෙනවා. ඍජු බදු වැඩිකරගැනීම කර ගත යුතුයි. මෙතෙක් වැඩියෙන්ම සිදු වුණේ වක්‍ර බදුයි.

    එහිදී ජනතාවට බර දැනෙනවා. ඒ නිසා ඍජු බදු වැඩිකිරීමෙන් රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකියි. ඩොලරයේ මිල වැඩිවීම ගැන කතා කළා. ඩොලරය කෘත්‍රිම විදිහට පාලනය කරන්න යන්න හොඳ නැහැ. පසුගිය කාලේ එලෙසයි කළේ. අපි යථාර්ථයට මුහුණදිය යුතුයි. ඩොලරය වැඩි වෙනවිට අපනයනකරුවන්ට  වාසිවෙනවා.  බැංකු පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.  

     

    සහල් ගැන අපවාද නගපු එක ගැන දැන් නැවතිලා.  මොකද අපි සහල් මිල පාලනය කළා. ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් නිසා මමත් ඒ පිළිබඳ මැදි‍හත් වෙනවා. තවත් රුපියල් තුනකින් සහල් මිල අඩු කිරීමට අපි යෝජනා කළා. සහල් ආනයනය කරලා හරි අපි පාරිභෝගික ජනතාව රැක ගත්තා.

     

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධව කතා කළොත් කොමිසමේ තොරතුරු ලැබෙනවා. පසුගිය කාලේ තොරතුරු එනවා. වර්තමානයේත් එනවා. අපි කියන්නේ බැඳුම්කර සිද්ධියේ  වැරැදිවලට සම්බන්ධ අයටත් දඩුවම් ලැබෙනවා. අනාගතයේදී මහ බැංකුව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පියවර අපි ගන්නවා. හොරකම් කරන්න අපි කිසිලෙසක ඉඩ තියන්නේ නැහැ. ඒකාලේ හොරකම් කළත් වැරැදියි. මේ කාලේ හොරකම් කළත් වැරැදියි.

     

    ඒ සම්බන්ධයෙන් සොයා බලන්න අප කටයුතු කරනන බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම විරෝධතා තිබෙනවා. එයින් අපහසුතාවට පත් වන්නේ කවුද?  විරෝධතා ආණ්ඩුවකට තියන්න ඕන. නමුත් ජනතාව කරදරයකට පත්වන ලෙස තබන්න දෙන්න බැහැ. ඒ නිසා ඒ සඳහා  වෙනත් ස්ථානයක් හෝ දෙකක් නම් කළ යුතුයි. එහි වගකීම රජයට තිබෙනවා. අංහිසක මිනිසුන්ට බාධාවක් නොවන ආකාරයට මේවා පැවැත්විය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya