අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය කර ඇති රටක් ලෙස ජාතික හා අන්තර් ජාතික වශයෙන් පිළිගෙන තිබෙනවා

    මාර්තු 07, 2017

    අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය කර ඇති රටක් ලෙස ජාතික හා අන්තර් ජාතික වශයෙන් පිළිගෙන තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,  පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    ගංජා, අබින්, මත්පෙති, ඖෂධ සිරප්, මදනපෝදක, හා ඒ හා සමාන මත්ද්‍රව්‍ය සමාජය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    එමෙන් ම මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් තුළ සිදුවන බව වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.එහෙත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පාසල් සිසුන් අත් අඩංගුවට ගෙන ඇතැයි පැවසී ය.

    මත්ද්‍රව්‍ය භාවිතයේ දුර්විපාක පිළිබඳව පාසල් දූ දරුවන් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවැත්වීම හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාත්මක කරන ළමා සුරක්ෂිතතා වැඩසටහන් සාර්ථකව පවත්වයි. තවද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳව අධ්‍යයනය කිරීම හා ඉදිරි සැලසුම් සකස් කිරීම සිදු කරමින් පවතිනවා.

    එහෙත් පාසල්වලින් ඉවත් වූ පසු මත්ද්‍රව්‍යවලට යොමු වන බවට වාර්තා වෙනවා. විශේෂයෙන් නගර හා සංචාරක ප්‍රදේශවල. ඒ පිළිබඳව සොයාබැලීමක් සිදු කරනවා. එම වැඩපිළිවෙල ප්‍රජා පොලිසිය හරහා ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක තවදුරටත් ශක්තිමත් කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya