අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ජනපති අතින් විවෘත කෙරේ

    මාර්තු 05, 2017

    ශී‍්‍ර ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අභිමානවත්   66 වන සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (04) විවෘත කෙරිණි.

    ගුවන් හමුදාව සතු හැකියාවන් සහ දක්ෂතාවයන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ආකාරය මෙහිදී ප‍්‍රදර්ශනය කෙරෙන අතර ගුවන් හමුදාවේ කාර්ය භාරය විදාහ දැක්වීම සහ ගුවන් හමුදාවේ සම්පත් ද මෙහිදී ප‍්‍රදර්ශනය කෙරේ.

    මීට අමතරව මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හිදී හා ස්වාභාවික ව්‍යසනයන්හිදී ගුවන් හමුදාව කි‍්‍රයා කර ඇති ආකාරය මෙන්ම එම සේවාවන් අන්තර් ජාතික වශයෙන් සිදු කරන ආකාරය නිදර්ශනාත්මකව පෙන්වීමට ද මෙම ප‍්‍රදර්ශනය තුළින් කටයුතු කෙරේ.
    ගුවන් යානා, ගුවන් කරණම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන්, තූර්ය වාදන හා සරඹ, සංස්කෘතික සංදර්ශනවලින් සමන්විත මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ඊයේ සහ අද ( 05) සවස 2.30 සිට රාති‍්‍ර 11.00 දක්වා පැවැත්වේ.

    ප‍්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිතුමා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya