අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමට සූදානම් නැහැ- ජනපති

    මාර්තු 05, 2017

    විදේශීය සම්බන්ධතා මත කටයුතු කරන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට ආණ්ඩු කිරීමටවත් ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත‍්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.


    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (04) පෙරවරුවේ පලාලි ගුවන් හමුදා ක`දවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එම පරිශ‍්‍රයේදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමිනි.

    අපගේ රණවිරුවන්ට එරෙහිව විදෙස් විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසිය යුතු බවට පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා කරන ලද යෝජනාව තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මාතෘ භූමියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරෝධාර රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ගෞරවයත් වෙනුවෙන් තම ධූර කාලය තුළ වගකීමෙන් යුතුව පෙනී සිටින බව ද අවධාරණය කළේය.


    මුදල් පසුපස හඹා යන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත්, පටු දේශපාලන අරමුණ මුදුන් පත් කර ගැනීම උදෙසා කටයුතු කරන විරුද්ධවාදී දේශපාලන බලවේගත් කුමන චෝදනා එල්ල කළද මේ රටේ රණවිරුවන්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා තමා බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගෞරවයට හානිවන කිසිදු ආකාරයේ කි‍්‍රයාකාරකමකට තම ධූර කාලය තුළ ඉඩ නොලැබෙන බවද කියා සිටියේය.


    දේශීය සහ විදේශීය වශයෙන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද කුමන ආකාරයේ සැළසුම් දියත් කළද මාතෘ භූමියේ නිදහස, ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේත්, ජනතාවගේත් ආරක්ෂාව උදෙසා ඉටුකළයුතු සියලූ වගකීම් ඉටුකරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.


    ආරක්ෂක හමුදා සාමාජිකයින් සඳහා නව තාක්ෂණික දැනුම හා පුහුණුවීම් අවස්ථා වැඩි වැඩියෙන් උදාකර දෙමින් හා අවශ්‍ය සියලු වරප‍්‍රසාද දිනාදෙමින් ශ‍්‍රී ලාංකීය ති‍්‍රවිධ හමුදාව ලොව විශිෂ්ට ති‍්‍රිවිධ හමුදාවක් ලෙස ඉදිරියටම ගෙන ඒමට තම පාලන කාලය තුළ කැපවන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    පළමුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි හමුදා සාමාජිකයින්ගේ සුව දුක් විමසමින් සුහද හමුවකට එක් වූ අතර යාපනය ප‍්‍රදේශයේ සේවය කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.


    ජනාධිපතිතුමාගේ පැමිණීම සංකේතවත් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.


    අනතුරුව පලාලි ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපතිතුමා එහි හමුදා සාමාජිකයින් සමඟ සුහද කථා බහකට එක්වෙමින් ඔවුන්ගේ ගැටලූ හා ප‍්‍රශ්න පිළිබඳ සොයා බැලීය.


    අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද උතුරු පළාත් ආඥාපති මහේෂ් සේනානායක මහතා ඇතු`ථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැුසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya