මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වතුර බවුසර් බෙදා දෙයි

    මාර්තු 03, 2017

    නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් ලබාදීමේ විශේෂ වැඩසටහන ඊයේ (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

    වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 15 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 83 ක පීඩාවට පත් පවුල් 180,000 ක් වෙනුවෙන් මේ වන විට පානීය ජලය බෙදා හරිමින් පවතී.

     

    එම කාර්ය වඩා සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙම ට්‍රැක්ටර් බවුසර් ලබාදීමට පියවර ගෙන තිබෙන අතර එහි පළමු අදියර යටතේ ට්‍රැක්ටර් බවුසර් 25 ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීම ද සිදු විය.

     

    කළුතර, කුරුණෑගල, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා මෙම ජල බවුසර් බෙදාදීම සිදු කෙරිණි.

     

    අමාත්‍ය වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ අතර ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ නිෂ්පාදනය කරන වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජංගම රථය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya