මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිජ්වේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    මාර්තු 01, 2017

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.


    මෙම ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් හා කාර්යක්ෂම කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳ ඊයේ  (28) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය මහල් දහයකින් සමන්විතය.
    ඉන් මහල් 04 ක් හෘද රෝග සම්බන්ධවත්, මහල් 03 ක් දැඩි සත්කාර ඒකකයටත්, තවත් මහල් දෙකක් නව ජන්ම දැඩි සත්කාර ඒකකයටත් වෙන් කෙරෙන අතර ඉහළ මහල කාර්ය මණ්ඩල සඳහා පුහුණ වැඩමුළු පැවැත්වීමට වෙන් කර තිබේ.

    ශී‍්‍ර ලංකාවේ වාර්ෂිකව බිළිදුන් 370,000 ක් පමණ උපත ලබන අතර ළදරු මරණ සංඛ්‍යාව වාර්ෂිකව 3000 කි. වයස අවුරුදු පහට අඩු මරණවල අනුපාතය සෑම උපත් 1000 කටම 10 ක් වන අතර එය වාර්ෂිකව 3700 කි.

    මෙම මරණවලට හේතු ලෙස සංජානනීය, හෘදයාබාධ, නියුමෝනියාව, අධික ලෙස රුධිරය විෂ වීම සහ අවයව  කි‍්‍රයාවිරහිතවීම දැක්විය හැකිය.
    එමෙන්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයෙන් දිනකට ප‍්‍රතිකාර ලබා ගන්නා සංඛ්‍යාව 3000 කට අධික වන අතර ඇතුළත් කළ යුතු රෝගීන්ගේ සංඛ්‍යාව  900 කට ආසන්න වෙයි.

    ජීවිතයත් මරණයත් අතර සටන් කරන දහස් සංඛ්‍යාත අසරණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් වඩා ඉඩ පහසුකම් සහිතව මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරේ.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ශී‍්‍ර ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya