මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ජනපති හමු වෙයි

    පෙබරවාරි 28, 2017

    සංවර්ධන නිලධාරින්ගේ සංගමය හා නිදහස් උපාධිධාරී සංගමය ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    උසස්වීම් ලබාගැනීමේදී මතුව ඇති ගැටලු සහ සිය වෘත්තීය ගැටලූ පිළිබඳව මෙම නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බව කියා සිටියේය.

    එමෙන්ම රට ගොඩනැගීමට වත්මන් රජය කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළට තම දැනුම සහ හැකියාව තුළින් සහය ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බව ද මෙම සංගම් නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළහ.

    සංවර්ධන නිළධාරි සංගමයේ සහ නිදහස් උපාධිධාරී සංගමයේ සභාපතිවරු, ලේකම්වරු ඇතුළු නියෝජිතයින් සාකච්ඡාවට එක්ව සිටියහ.
                       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya