මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිරියේදීත් පියවර ගන්නවා- ජනපති

    පෙබරවාරි 27, 2017

    රණවිරුවන්ගේ සුබසාධනය සහ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් වත්මන් රජය බලයට පත්වී ගෙවීගිය පසුගිය දෙවසර තුළ පියවර රැසක් ගෙන තිබෙන අතර, ඉන් සෑහීමකට පත් නොවී ඉදිරියේදී ද රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මන්නාරම, මුල්ලිකුලම් ශී‍්‍ර ලංකා නාවික හමුදා නෞකාභරණ වයඹ නාවික නෞකා ප‍්‍රධාන මූලස්ථානයේ පැවති ප‍්‍රථම නාවික හමුදා මැරීන් බලඇණියේ විසිරයාමේ හා ලාංඡුන පැළදවීමේ උත්සවයට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.

    එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපගේ ආරක්ෂක හමුදාවන්ට ගෞරවය දිනා දීමට ගතයුතු පියවර ගත් බවයි.

    ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදාවන්ට ලෝකයේ ප‍්‍රබල රටවල අහිමිවී තිබු පුහුණු අවස්ථා නැවත උදාකර දීමට වත්මන් රජයට හැකි වූ බව පැවසූ ජනාධිපතිතුමා පෙරටත් වඩා ඉදිරියේදී එම පුහුණු අවස්ථා වැඩිදියුණු වනු ඇති බවත්, ශී‍්‍ර ලංකාවේ නාවික හමුදාවට ඉහළම තාක්ෂණික දැනුම සහ පුහුණු අවස්ථා ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය සහ එම නාවික හමුදාව මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් සඳහන් කළේය.

    පසුගිය යුධ සමයේදී ශී‍්‍ර ලංකා නාවික හමුදාව මාතෘ භූමිය වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී මෙහෙවර මෙන්ම අද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් නාවික කටයුතු හා ජාතික සහ කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

    ශ‍්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ නායකත්වය යටතේ  ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය ස්ථාපිත කෙරුණු අතර අද සිට ලෝකයේ ඇති පිළිගත් මැරීන් බලකායන් අතරට ලාබාලතම මැරීන් බලඇණිය ලෙස ශී‍්‍ර ලංකා නාවික හමුදා මැරීන් බලඇණිය එක් වෙයි.

    මෙම මැරීන් බලඇණිය සුවිශේෂී වු සංග‍්‍රාමික හැකියාවන්ගෙන් සහ කුසලතාවයන්ගෙන් පරිපූර්ණ අතර මොවුන් ගොඩ බිම වෙත වෙරළ තීරය ඔස්සේ එල්ල වන  ඕනෑම සතුරු ප‍්‍රහාරයකට මුහුණ දිමටත්, මුහුදෙන් ගොඩබිම වෙත ගොස් සතුරු ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කිරීමටත් මනා පුහුණුවක් ලබා ඇති අතර නගරබද, කැළෑ සටන් සහ ගංගා ආශි‍්‍රත මෙහෙයුම් පිළිබඳව ද මනා නිපුණතාවයකින් යුක්ත වේ.

    එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම, ශී‍්‍ර ලංකාව තුළ සහ කලාපය තුළ සිදුවන්නා වූ ස්වභාවික ව්‍යවසන සහ ආපදා කළමනාකරණ සහන කටයුතු සැලසීම සහ මානුෂීය සහන සේවා සැලසීම පිළිබඳව ද මොවුන් විශේෂ පුහුණුවක් ලබා ඇත.
     
    නිළධාරින් සහ නාවිකයින් 165 දෙනෙකුගෙන් සමන්විත ප‍්‍රථම මැරීන් කණ්ඩායම විසිර යාම අද මෙලෙස සේනාධිනායක ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    මුල්ලිකුලම් වෙරළ තීරයේදී ශී‍්‍ර ලංකා නාවික හමුදා මැරීන් බලකාය ඉදිරිපත් කළ සතුරු කඳවුරකට කඩාවැදී මෙහෙයුම් සිදු කිරීම විදාහ දක්වන සංදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

    ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. නාවික හමුදාපති වයස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, වයඹ, නාවික ආඥාපති රියාර් අද්මිරාල් පී.ආර්.බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද,  ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නියෝජිත පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya