අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආඝාත දිනය සැමරේ

    පෙබරවාරි 27, 2017

    “අඳුරු දිවියට එළිය දහරක් ” ජාතික ආඝාත දින පා ගමන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැත්විණි.

    මෙම පා ගනමන විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ අතර ආඝාත රෝගය පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ආඝාතය වැළැක්වීමේ අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා ජාතික ආඝාත සංගමය විසින් මෙම පාගමන සංවිධානය කර තිබේ.

     

    මෙරටින් ආඝාතය තුරන් කිරීමට ජනතාව දැනුම්වත් කරමින් ශ‍්‍රී ලංකා ජාතික ආඝාත සංගමය සිදුකරන සේවාව අගය කළ ජනාධිපතිතුමා එම සංගමය වෙත සිය ස්තුතිය පළකළේය.

     

    ජනාධිපතිතුමා විසින් පෙර සිටම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙනුවෙන් කළ සේවාව පිළිබඳ පැසසුම් එක්කළ ශ‍්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති එම්.ටී.එම්. රිෆ්සි මහතා, ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදීත්වය ද පළ කර සිටියේය.

     

    ආඝාතය යනු මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් හදිසියේ ඇතිවන රෝග තත්වයක් වන අතර ලෝකයේ මිනිසුන් මරණයට පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගෙන තිබේ. ඒසේම එය වැඩිහිටියන් ආබාධිතයන් වන ප‍්‍රධානම හේතුවක් ද වේ.

     

    මෙම පාගමනට ජාතික ආඝාත සංගමයේ අනුශාසක වෛද්‍ය ජේ.බී. පීරිස් මහතා, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද කලාකරුවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya