අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ගැටලුවේදී රටට වැදගත් ඵලදායී තීන්දුවකට එළැඹෙනවා - ජනපති

    පෙබරවාරි 21, 2017

    මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්විද්‍යාල පිළිබඳ මතුව ඇති ගැටලුවට සියලුදෙනා සමඟ සාකච්ඡා කර රටට වැදගත් සහ ඵලදායී තීන්දුවකට එළැඹිමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාළඹේ සයිටම් ආයතනය මුල් කර ගනිමින් ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූව පිළිබඳ සාකච්ඡා කිරීමට සයිටම් ආයතනයේ සිසුන්ගේ දෙමාපිය සංසදය සහ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමඟ ඊයේ (20) රාති‍්‍රයේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ය.


    වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා මෙන්ම දෙමාපිය සංසදයේ කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූ අතර ශිෂ්‍ය නියෝජිතයින් ද තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

    මෙම ගැටලුව විසඳීමේදී සියලු පාර්ශවයන් ඉදිරිපත් කරන අදහස් ඉතාමත් අවධානයෙන් සැළකිල්ලට ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා විශේෂයෙන් එහිදි ශී‍්‍ර ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවගේ අදහස් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව කියා සිටියේය.

    තමන් මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ ද මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරියේදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව සමඟ මෙන්ම වෛද්‍ය සභාව සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya