මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

    පෙබරවාරි 20, 2017

    ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම වෙත දුරකථන ඇමතූමක් ලබාදුන් ජනාධිපතිතුමා මෙලෙස සිය සුබපැතුම් පළ කළ අතර, මෙම ඓතිහාසික ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට මහත් කීර්තියක් ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

     

    එමෙන්ම තරගයේ විශිෂ්ටතා දැක්වූ අසේල ගුණරත්න කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙත සිය විශේෂ සුබපැතුම් එක් කළ ජනාධිපතිතුමා, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කළමනාකාරිත්වය වෙත ද සුබපැතුම් පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya