මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුකුරුන්ද බෝට්ටු අනතුරට පත් වූවන්ට ජනපති සොව පළ කරයි

    පෙබරවාරි 20, 2017

    කළුතර කටුකුරුන්ද මුහුදු ප‍්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුර පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් කණගාටුව පළ කරයි.

    අනතුර සැළ වූ වහාම අදාළ අංශ දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා විපතට පත්වූවන් ගලවා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ පොලීසිය වෙත උපදෙස් දුන් අතර, අනතුරට පත්වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතුද කඩිනමින් සිදුකරන ලෙස බලධාරින් දැනුවත් කළේය.

    එමෙන්ම අනතුරින් මිය ගිය සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරන ජනාධිපතිතුමා, රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සියලුදෙනාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya