අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අවධානය යොමු කරන්න - අගමැති ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට කියයි

    ජනවාරි 18, 2017
    ලෝකයේ විශාලත ම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
     
    ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ මේ ආයෝජන සහ නව වෙළඳපොළ අවස්ථාවන් පිළිබඳ ව අධ්‍යයනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.
     
    ඊයේ (17) පස්වරුවේ ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ පුවත් සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බවය.
     
    මෙම පුවත් සාකච්ඡාව ලෝක ආර්ථික සමුළු වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණු අතර, සමුළුවට සහභාගී වූ, නොවූ විශාල පිරිසකට ශ්‍රී ලංකා නියෝජිත පිලෙහි අදහස් දැන ගැනීමට එමගින් අවකාශ සැලසිණි.
     
    සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පුවත් සාකච්ඡාව අමතමින් පැවසූයේ 2017 වසර ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වසරක් බවය. ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවර්ධන සැලැස්ම මේ වසරේ දී ක්‍රියාවට නැංවීම ඊට හේතුව බව ද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය.
     
    රට තුළ ආයෝජන වැඩි කරලීම සඳහා විශේෂ උපාය මාර්ගයන් දියත් කරලන බව පැවසූ සමරවික්‍රම මහතා, ඍජු විදේශ ආයෝජකයන් සහ ශ්‍රී ලංකා ඩයස්පෝරාව ඒ සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කරන බව ද ප්‍රකාශ කළේය.
     
    මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තව මාස කීපයකින් ජීඑස්පී ප්ලස් සහනය ලැබීම ආරම්භ වීමත් සමග යුරෝපීය වෙළඳපොළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් සඳහා සම්පූර්ණයෙන්ම විවර වන බවය. 
     
    ඉන්දියාව සමග ඇති කෙරෙන ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම සහ චීනය සහ සිංගප්පූරුව සමග අත්සන් කෙරෙන නිදහස් වෙළඳ ගිවිසුම් නිසා ඒ රටවල් තුළ වෙළඳපොළවල් ද ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා අවකාශ ලබා දෙන බව කරුණානායක මහතා පැහැදිලි කළේය.
     
    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා , ඩිජිටල් තාක්‍ෂණය ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම එදිනෙදා ජන ජීවිතය පහසු කරලීම උදෙසා යොදා ගැනීමට සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya