අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආර්ථික සමුළු ආරම්භයට පෙර රාජ්‍ය නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

    ජනවාරි 17, 2017

    ගෝලිය ආර්ථිකය නගා සිටුවීමට නම්, නිදහස් වෙළඳාම සහ විවෘත භාවය තහවුරු කරමින්, ආරක්‍ෂණ වාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා පැවසීය.

    2017 ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආර්ථික යුද්ධයකින් ජය ගන්නා කිසිවෙකු නැති බවයි. එහෙයින් අනාගත ගෝලීය ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සියලු රටවලට හා සියලු ජාතීන්ට ප්‍රතිලාභ හිමිවන සමගි සම්පන්න සාමූහික ව්‍යායාමක් විය යුතු බව ද චීන ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ආර්ථික සමුළු සමාරම්භක උළෙල ඇරඹිමට පෙරාතුව චීන ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බංගලාදේශ අගමැතිනි හසිනා වජීඩ්, සර්බියානු අග්‍රමාත්‍ය ඇලෙක්සැන්ර් ව්‍යුසික් සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් යන සම්භාවනීයයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

     

    එහිදී ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

     

    හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ආයෝජන කලාපය සහ කොළඹ ඉදිකෙරෙන මූල්‍ය නගරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.


    එක් මාවතක් හා එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ දැනට රටවල් හා ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක් සමග චීනය විවිධ ව්‍යාපෘති දියත් කර ඇති බවද, චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

     

    මේ විශේෂ සාකච්ඡාවෙන් පසු, චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයෝ කොන්ග්‍රස් ශාලාවේ පැවති සමාරම්භක උළෙලට එක්වූහ.

     

    පැමිණ සිටි ආරාධිතයන් පිළිගනිමින් ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලෝස් ස්වැප් (Prof. Klaus Schwab) මහතා පැවසූයේ චීන ජනාධිපතිවරයෙකු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය බවය. ඒ නිසා ම මෙවර සමුළුව ඓතිහාසික වටිනාකමකින් පෝෂණය වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    ස්විට්සර්ලන්ත ජනාධිපතිනි ඩොරිස් ලෙතාඩ් මහත්මිය සභාව අමතමින්, ආර්ථික දියුණුවට සමගාමීව සමාජ සාධාරණත්වය ස්ථාවර කරලීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. ඒ සඳහා වගකීම සහගත සහ යහපත් තීරණ ගත හැකි නායකත්වයන් අවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය. ධනාත්මක හා බහුජාතික පරිසරයක ගනු ලබන එවැනි තීරණ ඔස්සේ වත්මන් ගැටලු සඳහා විශ්ව විසඳුම් සෙවිය හැකි බවට ඇය විශ්වාසය පළ කළාය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya