අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන සහතික පරිගණකයෙන්

    ජනවාරි 17, 2017

    වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය විසින් වෙළෙඳ නාවිකයන් ලියාපදිංචි කර නිකුත් කරනු ලබන අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත‍්‍රය හා ප‍්‍රවීණතා සහතික පත‍්‍රය අද (17) සිට ආරක්ෂිත මූලිකාංග සහිත පරිගණකගත ක‍්‍රමවේදයක් ඔස්සේ නිකුත් කිරීමේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළෙඳ නාවික කටයුතු නියාමනය කිරීම සහ එයට අදාළ නීති සම්පාදනය කිරීමේ හා කි‍්‍රයාත්මක කිරීමේ සමස්ත කාර්යභාරය වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි.

     

    නෞකාවල රැකියා සඳහා යොමුවන සියලුම නාවිකයින් විසින් මෙම අඛණ්ඩ මුදාහැරීමේ සහතික පත‍්‍රය ලබා ගැනීම අනිවාර්යය වේ.

     

    එම සහතික පත‍්‍ර ලබාදීමේ දී මෙතෙක් නවීන තාක්ෂණික ක‍්‍රමවේදයක් අනුගමනය නොකිරීම හා උසස් තත්ත්වයේ ආරක්ෂිත මූලිකාංග සහිත සහතික පත‍්‍රයක් වශයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් වෙළෙඳ නාවිකයන්, නැව් හිමියන් සහ අනෙකුත් පාර්ශ්වයන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින අතර පහසුවෙන් ව්‍යාජ සහතිකපත් සකස් කිරීමට ඇති ඉඩ ප‍්‍රස්තා පුළුල්වීම සහ වෘත්තිමය වශයෙන් යෝග්‍ය නොවන පුද්ගලයින්ට ද රැකියා සඳහා යොමු වීමට හැකිවීම නිසා ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරය තුළ පවතින කීර්තිනාමයට හානි සිදුවීමට සහ සුදුසුකම් සහිත නාවිකයන්ගේ රැකියා අනාරක්ෂිත මට්ටමකට පත්වීමට ද හේතු වී තිබුණි.

     

    නව සහතික නිකුත් කිරීමත් සමගම මෙතෙක් වෙළෙඳ නාවිකයින්, නැව් හිමියන් සහ අනෙකුත් පාර්ශ්වයන් විසින් විශේෂයෙන්ම විදේශ වරායන්හිදි මුහුණ දුන් දුෂ්කරතාවයන් අවම වනු ඇති අතර ශී‍්‍ර ලාංකික වෙළෙඳ නාවිකයන්ට ජාත්‍යන්තර නාවික ක්ෂේත‍්‍රය තුළ ඇති ඉල්ලුම වර්ධනය වීමෙන් වැඩි රැකියා අවස්ථාවන් ජනනය වී වැඩි විදේශ විනිමයක් රටට ගලා එනු ඇත.

     

    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ ලේකම් පී.ජයම්පති, අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya