මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ල. නි. ප. සෑමවිටම ගමන් කළයුත්තේ ජනතාවාදී හා මානවවාදී ගමන් මගක - ජනපති

    ජනවාරි 11, 2017

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සෑමවිටම ගමන් කළයුත්තේ ජනතාවාදී හා මානවවාදී ගමන් මගක බවත්, පක්ෂයක් ආලෝකමත් වන්නේ එම පක්ෂයේ වැඩ කරන පිරිසගේ චරිත ලක්ෂණ අනුව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    යහපත්බව, සදාචාරවත් බව, රටට ඇති ආදරය, සරලබව, නිහතමානිත්වය යන සියල්ල සෑම දේශපාලන චරිතයක් තුළම තිබිය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දූෂණය, වංචාව, හොරකම, නාස්තිය මෙන්ම බලය අනිසි ලෙස භාවිතා කරන පිරිස් සිටින පක්ෂ පරාජය වනවා පමණක් නොව එම දේශපාලනඥයින් ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වන බවද  කියා සිටියේය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තම දිවිය පුදකල ඉන්ද්‍රපාල අබේවීර, විජයලාල් මැන්දිස් සහ බාටින් සිල්වා යන මහත්වරුන්ගේ 28 වන ගුණසමරු උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ  (10) කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේ දී පැවැත්වුණු අතර එම උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප ලේකම්වරයෙකු මෙන්ම කළුතර දිස්ති‍්‍රක් සම සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ ඉන්ද්‍රපාල අබේවීර මහතා සහ ඔහු සමඟ සිටි පක්ෂය වෙනුවෙන් කි‍්‍රයාකාරීව කටයුතු කළ විජයලාල්  මැන්දිස් මහතා සහ බාටින් සිල්වා යන අය මීට වසර 28 කට පෙර කුරිරු ලෙස ඝාතනය කෙරුණද පක්ෂය වෙනුවෙන් ඔවුන් ඉටුකළ මෙහෙවර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ නොමැකී පවතින බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

     

    සෑම දේශපාලන පක්ෂයක්ම රට වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේදී යුගයේ තිබෙන ප‍්‍රශ්න සමග නම්‍යශීලිව ඉදිරියට යා යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බිහිකරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක ශී‍්‍රමතාණන් ලබාදුන් දර්ශනය නව ලෝකයට ගැළපෙන අයුරින් සකස් කරගනිමින් ශක්තිමත් පක්ෂයක් ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගමන් කළයුතු බව ද කියා සිටියේය.

     

    දේශපාලන විරුද්ධවාදින් කුමන විවේචන ඉදිරිපත් කළද මාතෘභූමියේ භාරකාරයා ලෙස රටේ ජනතාව තමාට පවරාදුන් වගකීම ඉකුත් දෙවසර තුළ උපරිමයෙන් ඉටුකළා සේම ඉදිරියට ද එම වගකීම් නිසි ලෙසම ඉටුකරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා සියලු ජනතාවට සාමයෙන් සමගියෙන් ජීවත්විය හැකි රටක් මෙන්ම, යහපත් සමාජයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගාදීමට කැපවන බව ද අවධාරණය කළේය.


     
    භික්ෂුන් වහන්සේලාට ශබ්ද කෝෂ පිළිගැන්වීම, පාසල් දරුවන්ට පාවහන් ලබාදීම, සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී කි‍්‍රයාත්මක කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතවත්ව එම අවස්ථාවන්ට එක් විය.

     

    අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර යන මහත්වරුන් ද බස්නාහිර පළාත් අමාත්‍ය සුමිත් ලාල් මැන්දිස් මහතා ඇතුළු  පළාත් මැති ඇමතිවරු රසක් ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රයාකාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මෙම උත්සවයෙන් අනතුරුව වස්කඩුව රාජගුරු ශී‍්‍ර සුභූති මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර විහාරාධිපති හිමියන් ද බැහැදැක සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

     

    එමෙන්ම කළුතර ඓතිහාසික බෝ සමිඳුන් වැඳපුදාගත් ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya