අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය, සහජීවනය නොමැතිනම් කිසිදු සංවර්ධනයක ප්‍රතිඵලයක් ලබාගත නොහැකියි

    දෙසැම්බර් 08, 2016

    සාමය, සහජීවනය නොමැතිනම් කිසිදු සංවර්ධනයක ප්‍රතිඵලයක් ලබාගත නොහැකියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු හොඳින් සිදුවන අවස්ථාවක මෙම ක්‍රියාදාමය කඩා කප්පල් කරන්න යම් යම් දේශපාලන බලවේග ක්‍රියා කරනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

     

    අපේ රට යුරෝපීය යටත් විජිතයක්ව පැවැති කාලයේ අපේ රටේ  සහජීවනය නැති කිරීමට  විවිධ උපක්‍රම යෙදුවා. අපිට ආපසු හැරී බලනවිට විට සතුටු වීමේ හැකියාවක් නෑ.රටේ සහජීවනය නැති කිරීමට සුදුපාලකයන් විවිධ උපක්‍රම යෙදුව. සාමය, සහජීවනය නොමැතිනම් කිසිදු සංවර්ධනයක ප්‍රතිඵලයක් ලබාගත නොහැකියි. අපි බොහොම දුක් විදපු ජාතියක්.අපට පරණ තත්ත්වයට යන්න බෑ. ඉතිහාසය ලියවී තිබෙන්නේ, මුතුන් මිත්තන්ගේ දහදිය, කදුළු රුධිරය මතින්.


    මේ රට අරාජික වෙන්න ඉඩ තියනව කියන්නේ රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙනවා.පසුගිය රජය කාලය තුළ ආගමික අන්තවාදී ක්‍රියාකලාපය තුළ මේ රටේ සාමය සමඟිය අහිමි වී ගියා. මේ තත්ත්වය වළක්වා ගැනිම පිණිස ඓතිහාසික තීන්දුවක් ජනතාව ගත්තා. ජනතාවගේ මූලික බලාපොරොත්තුව වී තිබුණේ මේ රටේ සමඟිය, නිදහසේ ජීවත් වීමේ අයිතිය රැකදෙයි කියන බලාපොරොත්තුවෙන් මේ දේශපාලන වෙනස සිදු කළේ.

     

    අපට වගකීමක් තිබෙනවා නැවත වතාවක් එවැනි අසහනකාරි තත්ත්වයක් ඇති වීම වළක්ව ගන්න. ඒ සඳහා මේ රටේ නීති රාමුවේ වෙනසක් අවශ්‍ය වෙනවා. 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා, මේ රටේ ජනත අභිලාෂයන් එක්තරා ප්‍රමානයකට සන්තර්පනය

    කළා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු හොඳින් සිදුවන අවස්ථාවක මෙම ක්‍රියාදාමය කඩා කප්පල් කරන්න යම් යම් දේශපාලන බලවේග ක්‍රියා කරනවා කියන කාරණය.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ,බෞද්ධයින්ට තිබෙන අයිතිය නැති කරනවා,කියලා, අකුරක්වත් කෙටුම්පත් කර නැති එකකට මෙවැනි විවේචන ඉදිරිපත් කරනවා.


    මේ වුවමනාව කාටවත් නෑ. සමහර බංකොළොත් දේශපාලඥයින් ජාතිකවාදය, අගම්වාදය තම පැවැත්මට තිබෙන ඔක්ෂිජන් ටිකයි.සමහර දේශපාලඥයින්ට වුවමනා වී තිබෙනවා ජාතික සමඟිය නැති කරන්න.මේ තත්ත්වය දකුණේ මෙන් ම උතුරෙත් තිබෙනවා.අද ප්‍රාදේශීය දේශපාලඥයින් සමහරක් උතුරේ සමහර දේශපාලඥයින් දෙමළ ජනතාව  පෙන්න වුවමනා වී තිබෙනවා, තමන් තමයි ද්‍රවිධ ජනතාවගේ ගැලවුම්කරුවන් කියලා.

     

    රටේ ස්ථාවර බවක් ඇති කළ යුතුයි.බෞද්ධ ආගම සංරක්ෂණය කරනවා, පෝෂණය කරනවා, ප්‍රමුඛත්වය ලබාදෙනවා, කියන වගන්තිය කිසි වෙනසක් වෙන්නේ නෑ. කුහක දේශපාල බලවේගවලින් සහජීවනය විනාශ කරනවා,තම පැවැත්ම වෙනුවෙන්.

    අගමික සහජීවනය වෙනුවෙන් අපි එදත් කතා කළා.ජාතික සමඟිය විනාශ වීම ගැන වේදනාවක් අපිටත් තිබෙනවා. ජාතික සමඟිය ඇති වීම එක ජාතියකට පමණක් ප්‍රතිලාභ ලැබෙන එකක් නොවේ.විදුලි පුටු අත්තේ නෑ. ජාත්‍යන්තර බලපෑම්වලට යටත් වෙන්න වුවමනාවක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , අපේ නිති කිසිම විදේශීය රටකට ඕන විදියට හදන්නේ නෑ. සමාජ වෙබ් අඩවි ආගමික සංහිදියාව  නැති කරන්න, විනාශ කාරි කටයුතු කරනවා. සියලු ආගම්වලට අගෞරව කරමින්, පූජකවරුන්ට අගෞරව කරමින්, සියලු දේවලට සමාජ වෙබ් අඩවි වලින්කරනවා. ජාතික සංහිදියාව විනාශ කරනවා.ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. 2018 ථේරවාදී බෞද්ධ සම්මේලනය පවත්වන්නත් කටයුතු කරනවා. ජාතික සමඟිය ආරක්ෂා කරගන්න ඕන යැයි ද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya