අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය සංචාරක කර්මාන්තයකට මානව සම්පත් සහ තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්

    දෙසැම්බර් 08, 2016

    වෘත්තීය ස්වභාවය සංචාරක කර්මාන්තයට ගෙන ඒමට මානව සම්පත් සහ තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත් බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (08) පාර්ලිමේන්තුවේ දී සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් දියුණු කිරීම සිදු විය යුතු දෙයක්.උතුරු නැඟෙනහිර වෙරළ තීරයේ පාසිකුඩා ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම. හෝටල් කළමනාකාරීත්වයේ දැනුම ඉහළ නැංවීමට පුහුණු පාඨමාලා හඳුන්ව දෙනවා.හෝටල් සඳහා තරු වර්ගීකරණය ලබාදීම විධිමත් කර තිබෙන අතර හෝටල්වල යටිතල පහසුකම් දියුණු කිරීමට ක්‍රියා කරනවා.සංචාරක කර්මන්තය මෙරට විදේශ විනිමය උපයන පළමු ස්ථානය හිමිකර දීමේ සිහිනය සැබෑ කරන බවද අමාත්‍යවරයා කීය.

    මානව සම්පත් සහ  තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත් වෘත්තීය ස්වභාවය සංචාරක කර්මාන්තයට ගෙන ඒම.සංඛ්‍යාලේඛනවලට අනුව ලක්ෂ තුන හමාරක් පමණ සංචාරක කර්මාන්තයේ යෙදී සිටිනවා. දේවස්ථාන සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදී තිබෙන බවද කී අමාත්‍යවරයා,දහම්පාසල් ගුරුවරුන්ට, ශිෂ්‍යන්ට ලබා දෙන දීමනා අඛණ්ඩව ලබාදීමට පියවර ගන්නා බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya