අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරනවා - ජනතාවට තිරසාර රැකියා ලබාදීමට රජය ක්‍රියා කරනවා

    දෙසැම්බර් 07, 2016

    ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවත් එය ලබන වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අපගේ ශ්‍රම ජනතාවට තිරසාර රැකියා ලබාදීමට රජය ක්‍රියා කරන සංවර්ධන උපයමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සංවර්ධන උපයමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    විරැකියාව දුරලීම සඳහා අපගේ ශ්‍රම ජනතාවට තිරසාර රැකියා ලබාදීමට රජය ක්‍රියා කරනවා. පැහැදිලි ජනවරමක් ලබුණා. සමාජ ප්‍රතිසංස්කරණයක් ඇති කරන්න. රජය මුළු ලෝකය සමඟ සමීපව කටයුතු කරනවා. ව්‍යාපාර ශක්තිමත් කිරීමට ආයෝජනයන්ට ධනාත්මක පියවර ගෙන තිබෙනවා. 2016 පරිවර්තන අවස්ථාවක් ලෙස නම් කරන්න පුළුවන්. ගෝලීය අභියෝග ජයගැනීම අපගේ අරමුණයි.

     

    පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ආයෝජන මණ්ඩලයේ අනුමතිය ලැබී තිබෙනවා. නූතන ප්‍රශ්න විසදීමට .අපේ රටේ සංවර්ධනයට  ව්‍යාපාර කීපයකට සැලසුම් සකස් කර තිබෙනවා. හම්බන්තොට වරාය සංවර්ධනයට ලඟදිම ගිවිසුමක් ඇති කරනව. වරායේ ණය ගෙවන්න අමාරුවෙලා. වරායේ ආදායම් නෑ.

    අපි බලාපොරොත්තු වෙනවා,වරායම  තව නොයෙක් ආයෝජන ඇති වෙයි කියලා, තෙල් පිරිපහදුවක්,සිමෙන්ති ප්ලාන්ට් එකක. ඩොලර් බිලියන පහක ආයෝජන ඇතිවෙයි කියලා බලාපොරොත්තු වෙනව. මොණරාගල,හම්බන්තොට ආයෝජන කලප පිහිටුවනවා. එයින් නව ව්‍යාපාර 2400ක් බිහි කෙරෙනවා. ලක්ෂ හතරක රැකී රක්ෂා ලැබෙනවා. ත්‍රිකුණාමලය වරාය හා නගරය  සංවර්ධනය කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

     

    තව බිලියන දෙකක ආයෝජන ඇතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මහනුවර සංවර්ධනය ඇති කරන්න දැනටමත් ජපානය සමඟ සාකච්ඡා කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ ආර්ථික කලාපයක් හදනවා. තොරතුරු තාක්ෂණයට හා ඇගලුම් ක්ශේත්‍රයට මූලිකත්වය ලබාදෙනවා. දැනටමත් බස්නාහිර පළාතේ මෙගාපොලිෂ් ව්‍යාපෘතිය තුළින් ව්‍යාපෘති කීපයක් කරගෙන යනවා. ඒට්කා ගැන කිසිසේත් බිය විය යුතු නෑ.

    නිදහස් වෙළඳ ගිවිසුම් ගැන සියලු කොටස් කරුවන් සමඟ සාක්ච්ඡා කරගෙන යනවා. ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට දන්වනවා. කොරියව,ජපානය, මැලෙසියාව, බංගලාදේශය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට යන්න බලාපොරොත්තු වෙනවා. ජී.එස්.පී ප්ලස් ලබන මාර්තුවන විට ලබෙයි කියා බලාපොරොත්තු වෙනවා. අපි ජතික වෙළෙඳප්‍රතිපත්තියක් සකස්කරගෙන යනවා. එය ලබන වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya