මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහියංගන ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට පැවරේ

    ඔක්තෝබර් 20, 2016
    මහියංගන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද ජල පවිත්‍රාගාරය ඊයේ (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3500ක මුල්‍ය දායකත්වයෙන් හා ඕස්ට්‍රියානු රජයේ සහනදායී ණය ආධාර මත ඉදිකෙරුණු මෙම ජල පවිත්‍රාගාරය මගින් මහියංගනය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයේ.
     
    අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, දයා ගමගේ, රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ද, නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එන්.ඩී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ඇතුඑ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya