අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP+ තීරු බදු සහන ලබන වසරේ දී

    ඔක්තෝබර් 20, 2016
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පිහිටු වූ යහපාලන රජය පිළිබඳව යුරෝපා සංගමය තුළ ඇති පැහැදීම පදනම් කර ගනිමින්, අප රටේ ජනතාවට ආධාර සහ එහි ප්‍රතිලාභ ලබාදීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සූදානමින් සිටින බවත්, ඒ පසුබිම මත ලබන වසරේ දී GSP+ තීරු බදු සහනය ලබාගැනීම පිළිබඳව ගමන්ට කිසිදු සැකයක් නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
     
    බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ජනමාධ්‍ය අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ GSP+ සහනය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු නීති රීති සපුරා ගැනීමේ වගකීම ශ්‍රී ලංකාව සතු බවය. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී යහපාලනය ස්ථාපිත වී ඇති බැවින්, එම අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇති බවත්, ඒ ඔස්සේ GSP+ සහනය මගින් ශ්‍රී ලාංකේය ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිකර ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
     
    "බ්‍රසල්ස් සංචාරයේ දී මම යුරෝපා සංගමයේ ප්‍රධාන නායකයින් තිදෙනාත්, ඇතැම් ඇමැතිවරුන් සහ පක්‍ෂ කණ්ඩායම් මුණගැසී සාකච්ඡා පැවැත්වුවා. ඉදිරියේ දී සෙසු පක්‍ෂ සහ කණ්ඩායම් හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙන GSP+ තීරුබදු සහනය නැවත ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට යුරෝපීය සංගමයේ ආයතන 3 ක් හමුවිය යුතුව තිබෙනවා. 
    පළමුවෙන්ම යුරෝපා කොමිසම හෙවත් යුරෝපා විධායක සභාව, කැබිනට් මණ්ඩලය අපගේ ඉල්ලීමට එකඟ විය යුතුව තිබෙනවා. යුරෝපා සංගමය නියෝජනය කරන සෑම රටකින්ම එක් පුද්ගලයෙකු එහි අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. යොන් ක්ලොඩ් යොන්කර් (Jean Calude Junker) මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. අප යුරෝපා කොමිසම සමග සාකච්ඡා කොට ප්‍රශ්න ගණනාවක් විසදා ගැනීමට සමත් වුණා. නමුත් තවත් කාරණා දෙක තුනක් පිළිබඳව සාකච්ඡා කොට විසඳුම් ලබාගත යුතුව තිබෙනවා". 
     
    "අපගේ ඉල්ලීම යුරෝපා කොමිෂන් සභාවෙන් අනුමත කළ විට අනෙකුත් සභාවල ද අනුමැතිය ලැබෙනවා. ඉන් අනතුරුව එම ඉල්ලීම යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 751 දෙනෙකු සිටින අතර නොයෙක් කණ්ඩායම්වලට අයත් පිරිස් ඒ අතර සිටිනවා. අප එම කණ්ඩායම් ද මුණ ගැසෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානම කණ්ඩායම් දෙකක් වන යුරෝපීය ජනතා පක්‍ෂය සහ කන්සර්වේටිව් ඇන්ඩ් රිෆෝමිස්ට් යන පක්‍ෂ දෙකම ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සාමාජිකත්වය දරනවා. එක්සත් ජාතික පක්‍ෂය ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ සාමාජිකයෙකු බව කිව යුතුයි. අප ඒ අය සමග වෙනම කතා කරනවා. ලබන ජනවාරියේ දී ඔවුන් මුණගැසුණු විට නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි ද පැවසීය.
     
    ලබන වසරේ දී GSP+ තීරු බදු සහනය ලබාගැනීම පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දිවයිනට පැමිණි පසු ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya