අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පනත ගැන බොරු ප්‍රචාර දිගින් දිගටම සිදු කරමින් ජනතාව නොමඟ යවන්න එපා

    අගෝස්තු 25, 2016

    සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ගැන බොරු ප්‍රචාර දිගින් දිගටම සිදු කරන බවත් බොරු කියා ජනතාව නොමඟ නොයවන්නැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන ) (සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳව විවාදයට එක්වෙමින් අද (25) පාර්ලිමේන්තුවේ දී ය.

    තාම මතකයි 1990 ඔක්තෝබර් මාසේ මහින්ද රාජපක්ෂ මහතා කතාවක් කරමින් කිව්වා, අම්මාලාගේ කඳුළු වෙනුවෙන් ජිනීවා නුවර විතරක් නොවේ, අපායට වුවත් යනවා

    කියලා. අද අපේ රජය ජිනීවා යන්නෙත්,  අපායේ යන්නත් නැතුව අම්මලාගේ කඳුළු වෙනුවෙන් තවත් වැදගත් පනතක් අනුමත කරනවා.

    මෙම පනත් කෙටුම්පත මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්, දීර්ග කාලීන අවශ්‍ය වූ දෙයක්. දෙමව්පියන්, සැමිය බිරින්දැවරු තම අතුරුදහන් වූවන් වෙනුන් බලාසිටිනවා. අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු නැත්නම්, උතුරු නැඟෙනහිර, හෝ ගැටුම් නිසා හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය  නම් ඒ පුද්ගලයන් මෙවැනි සහතිකයක් ලබාදීම වැඳගත්. ඒ සහතිකය තිබේ නම් සුබසාධන ලබාගන්න පුළුවන්.  පුද්ගලයෙක් පණ පිටින් ඉන්නවා නම් සහතිකය අවලංගු වෙනවා. යම් වන්දියක් පවා අවශ්‍ය කරන දෙයක්. අතුරුදහන් වුණාම එය වෙනස්. අඛණ්ඩ වේදනාවක් ඇති කරනවා. චිත්ත පීඩාවක් ඇති කරනවා.

     

    අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම පනත ගැන දුර්මත කීපයක් තිබෙනවා,නිවැරදි කළ යුතුයි. පසුගිය 19 වැනිදා සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ බොරු ප්‍රචාර දිගින් දිගටම කියනවා. පොදුවේ කියනවා, මේ පනත හදිසියේ සම්මත කළා කියලා. මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව හදිසි පනත් ගෙන ඒම 19 සංශෝධනයෙන් ම නවැත්වූවා. පසුගිය ආණ්ඩුව හදිසි පනත් ගෙනාවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 18 සංශෝධනය ගෙනැල්ලා, එකාධිපති පිඹුරුපත ගෙනාවා. එවැනි යුගයක් තිබුණ නිසයි, හදිසි පනත් ගෙන ඒම නැවැත්වුවේ.

     

    අපි හදිසි පනතක් ගෙනැවිත් නෑ, සාමාන්‍ය පනතක් ලෙසයි ගෙන ආවේ. බොරු කියලා ජනතාව නොමඟ යවන්න එපා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya