අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අධිකලාප හතක් - කාන්තාවන් දස ලක්ෂයක් වගාවට නැඹුරු කිරීමට පියවර

    අගෝස්තු 24, 2016

    වසර අවසන් වීමට පෙර කෘෂිකර්ම අධිකලාප හතක් ආරම්භ කරන බවත්  ''ධනසවිය'' වැඩසටහන මගින් කාන්තාවන් දස ලක්ෂයක් වගාවට නැඹුරු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය,රේගු ආඥා පනත යටතේ යෝජනාව විවාදය සඳහා පාර්ලිමේන්තුවේදී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    අපේ රටට අවශ්‍ය නිෂ්පාදනය වඩි කළ යුතුයි. රටට අවශ්‍ය පළතුරු නිෂ්පාදනය වෙන්නේ නෑ. පිටරටට අවශ්‍ය කරන එළවළු නිෂ්පාදනය කළ යුතුයි. සියයට 40%ක් පමණ අපේ නිෂ්පාදන විනාශ වෙනවා. ඒවාට තාක්ෂණයක් නෑ. නව තාක්ෂණ ක්‍රම වගාකරුවන්ට කියා දීමට අවශ්‍යයයි.

     

    අපි පැල තවාන් 3000ක වැඩ පටන් ගෙන තිබෙනවා. රටේ පොල්ගස් මිලියන 45-50ක් පමණ තිබෙනවා. පොල් ගස් දෙකකට ගම් මිරිස් වැල් දෙකක් යැව්වොත් ඉන් ලබෙන ආදායම, පොල්වලින් ලබෙන ආදායමට වඩා වැඩියි. ''කපුරුකට ගම්මිරිස්'' නමින් වැඩසටහනක් ක්‍රියාත්මකයි. ''ධනසවිය'' වැඩසටහන මගින් කාන්තාවන් දස ලක්ෂයක් වගාවට නැඹුරු කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya