අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය මට්ටමින් නිෂ්පාදනය වැඩි කර රටේ ආර්ථිකය ප්‍රචලිත කරනවා

    අගෝස්තු 24, 2016

    දේශීය මට්ටමින් නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බවත් රටේ ආර්ථිකය ප්‍රචලිත කරන්න කටයුතු කරන බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය, රේගු ආඥා පනත යටතේ යෝජනාව විවාදය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    මෙවැනි භාණ්ඩවල මිල පිළිබඳ මාස තුනකට අපි පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කරනවා. මේ ර‍ටේ ප්‍රධාන භාණ්ඩ පහක් ආනයනය කරනවා. ඒ සඳහා රුපියිල් බිලියන 75ක් රටින් පිට යවනවා. ඒ නිසා එය අපි නිෂ්පාදනය ක‍ළොත් විශාල මුදල් ඉතිරි කර ගත හැකියි. සහල්, සීනි, ‍සෝයා, ලූණු, අල හා  පාන්පිටි වැනි ‍දේවල් ආනායනය කිරීම නිසා ‍මෙවැනි මුදලක් රටට අහිමි ‍වෙනවා.

    ‍දේශීය ‍ගොවියා ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතුයි. සහනාධාර ලබාදීමත් ඉලක්කගත නිෂ්පාදන වැඩපිළි‍වෙළ සකස් කර රටට මුදල් ඉතිරි කිරීමට අප කටයුතු කරනවා. සමහර අය ‍පෙන්වන්න උත්සාහ කරනවා වත්මන් ආණ්ඩුව ‍දේශිය ‍ගොවියා නැති කරන්න යනවා කියලා. නමුත් පසුගිය වසරක කාලය තුළ ආනයනික භාණ්ඩ සියයට හතකින් අටකින් පමණ අඩු‍වෙලා ති‍බෙනවා. ඒ කියන්‍‍‍නේ ‍දේශිය ‍ගොවියට මුල් තැනක් දී ති‍බෙනවා කියා එයින් ‍පෙ‍නෙනවා. දේශීය නිෂ්පාදන වැඩි කිරීමට භාවිතා කරන ක්‍රම‍වේද පිළිබඳ අපි අවධානය ‍යොමුකරමින් ඉන්නවා. ඊට අමතරව ‍‍රේගු පනතත් අපි ඉදිරිපත් කරනවා.


    රජ‍යේ ඉදිරිපත් කර ති‍බෙන බදු අනුව පමණයි සහන ‍දෙන්‍‍නේ. ‍රේගු ආදායම අපිට වැඩි කරන්න ඒ නිසා ක‍‍ටයුතු කරනවා. රජ‍යේ ‍සේවකයින්‍ගේ ති‍බෙන වාහන බලපත්‍ර විවෘත භාවයකින් ලබාදීමට කටයුතු කරනවා. ඔවුන්ට වාහන බලපත්‍ර ‍දෙකක් පමණයි ලබා‍දෙන්නේ. අනිසි වියදම් අපි සම්පූර්ණ‍යෙන්ම නැති කර ති‍බෙනවා. නමුත් ප්‍රාග්ධන වියදම් අඩු කර නැහැ. මීට ‍පෙර 2014 අගවනතුරු  ගත් ණය ‍ගෙව්වේ තවත් ණයවලින්. නමුත් පසුගිය වස‍රේ ණය ‍ගෙවන්න ණය  ගත්‍‍තේ නැහැ.


    ලංකා‍වේ ‍දේශීය නිෂ්පාදන පමණක් නගාසිටූවීමට පමණක් අප කටයුතු කරන්‍ ‍නේ නැහැ. ඒ සඳහා තරඟකාරී තත්ත්වයක් ඇති කළ යුතුයි. එවිට  ආ‍යෝජන වැඩි‍වෙනවා. දැන් වි‍දේශ සංචිතය මිලියන 6,900ක් දක්වා වැඩිවී ති‍බෙනවා. අපි මූල්‍ය නිවැරැදි කළමනාකරණය සිදු කිරිමට වත්මන් ආණ්ඩුව පියවර ‍ගෙන ති‍බෙනවා.  කාර්මික අංශ‍යේ, කෘෂි කර්ම ක්‍ෂේත්‍ර‍‍‍යේ  නව සංවර්ධනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. ලංකාවේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරන්නට කටයුතු කරනවා වගේම ඒ අයට නැගී සිටීමට කාලය පමිණතිබෙනවා. තරඟකාරී තත්ත්වයක් ඇති කර තිබෙනවා.විදේශ ආයෝජන මේ රටට එන්න විවෘත කර තිබෙනවා. සෘජු ආයෝජන මේ රටට එන්න පටන්ගෙන තිබෙනවා.

    විශේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් රටට එන්න පටන්ගෙන තිබෙනවා. අපේ රුපියලේ ශක්තිය වැඩි වෙමින් පවතිනවා.අපි විනිවිදභාවයෙන් කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya