මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටියෙන් හා මත්ද්‍රව්‍යවලින් ජීවිත ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගන්නවා

    ජූලි 25, 2016

    දුම්වැටි සඳහා පනවා ඇති වැට් බද්ධ ඉහළ නංවා පුද්ගලික රෝහල් ගාස්තුවලින් අය කෙරෙන වැට් බද්ධ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.


    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා අමද්‍යප මහා සභාවේ 104 වන සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා පසුගියදා මේ බව සඳහන් කළේය.

    මිනිස් ජීවිත විනාශ කරන දුම්වැටියෙන් සහ මත්ද්‍රව්‍යවලින් අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    නීති විරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ වැටලීම් සිදු කිරීමට පොලීසියට සහ සුරාබදු අධිකාරියට අමතරව යුධ, නාවික, ගුවන් හමුදාවන් තුළ මෙන්ම විශේෂ තොරතුරු සේවා සහ බුද්ධි අංශවල ද වෙනම ඒකක පිහිටුවීමට ජාතික ආරක්ෂක මණ්ඩලයේදී තමා උපදෙස් දුන් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවද පැවසු ජනාධිපතිතුමා රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ලෙස ගොඩනගමින් මතින් නිදහස් රටක් ගොඩනැගීම රජයේ අරමුණ බවද කියා සිටියේය.

    ශී‍්‍ර ලංකා අමද්‍යප මහා සභාව විසින් සිදු කරන ලද හැදැරීම් සහ ඊට සම්බන්ධව කි‍්‍රයාකරන වෙනත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන සංවිධාන සමග පත්වන ලද සාකච්ඡා සහ සම්මන්ත‍්‍රණවලින් මතුවූ කරුණු පාදක කර ගනිමින් සකස් කරන ලද විශේෂ යෝජනා මාලාවක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සභාවේ මහානායක ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සභාපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ ශී‍්‍ර ලංකා අමද්‍යප සභාවේ සාමාජිකයින් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya