අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙළක්

    ජූලි 24, 2016

    මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කරන එම වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකළ බවත් පසුගියදා රුපියල් කෝටි හාරසියයකට අධික වටිනාකමකින් යුත් කොකේන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ  බවත් ඇමතිවරයා පැවසීය.

    ඇමතිවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දීය.

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, මත්ද්‍රව්‍ය පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තරයේ සහයද ලබාගන්නා අතර මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම පාලනය කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇති අතර ඒවායේ ප්‍රගතියක් දක්නට ලැබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya