අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට සහන සැළසෙන නව බදු සංශෝධනයක් සිදු කරනවා- ජනපති

    ජූනි 29, 2016

    දැනට සිටින මහ බැංකු අධිපතිවරයාගේ නිල කාලය හෙටින් අවසන් වන බැවින්, ඉදිරි පැය කිහිපය තුළ නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එමෙන්ම නව බදු පැනවීමත් සමඟ රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපා ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම සඳහා බදු සංශෝධනයක් සිදු කිරීමට ද ඉදිරියේදි කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) ගිරාදුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ පැවති වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ති‍්‍රක් ජාතික වැඩසටහනට එක් වෙමිනි.

     

    රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත‍්‍ර සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අහිමිවූ වරප‍්‍රසාදය නැවත ලබා දීමට මේ වන විට චක‍්‍ර ලේඛ නිකුත් කර තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

     

    ජනතාවගේ සෞඛ්‍යට අහිතකර බවට අනාවරණය වීමත් සමග ග්ලයිෆොසේට් වල් නාශකය මෙරටට ගෙන්වීම රජය තහනම් කළ අතර ඒ වෙනුවෙන් ගෙන්වන විකල්ප වල් නාශකය පිළිබඳව ද මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතින බව පැවසූ ජනාධිපතිතුමා එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එම වල් නාශකය ද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේනම් එය ද වහාම නැවැත්වීමට පියවර ගන්නා බව මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    අද බරපතල සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසර වන විට සම්පූර්ණයෙන් අවසන් කරන බව ද කියා සිටියේය.

     

    බදුල්ල දිස්ති‍්‍රක් වකුගඩු රෝග නිවාරණ ජංගම සායන පිළිබඳ වාර්තාව බදුල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය විසින් මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

     

    වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමිවූ උසස් පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    වකුගඩු රෝගයට ගොදුරුවූ අඩු ආදායම් ලාභි පවුල් වෙනුවෙන් ගෘහස්ථ ජල පෙරණ උපකරණ ප‍්‍රදානය, ප‍්‍රදේශයේ තෝරාගත් පාසල් සඳහා ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති ලබාදීම, බදුල්ල දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වූ වකුගඩු රෝගින් හ`දුනාගැනිමේ වැඩසටහනට දායකවූවන්ට තිළිණ ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැුසක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    බදුල්ල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ අනෙකුත් ආයතන එක්ව ,ඔබ සතුටින් නිරෝගිව තබන්නට අප මෙසේ පෙළ ගැසී සිටින්නෙමු, තේමාව යටතේ පවත්වන ලද ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

     

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ ඌව පළාත් සභාවේ මැති ඇමතිවරුන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද මීට එක්ව සිටියහ.

     

    ජනාධිපතිතුමා ඉන් අනතුරුව ගිරාදුරුකෝට්ටේ මහ රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ද විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya