මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර සාකච්ඡාවක්

    මැයි 30, 2016

    ‍ෙජපානයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංගලාදේශ අගමැතිනි ෂීක් හසිනා මහත්මිය අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව ද්විපාර්ශවික සාකච්ඡා  පසුගිය දා (27) ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.

    දෙරට අතර ඇගලුම් ආනයනය සහ අපනයනය ස්ථාවර මිල ක්‍රමයක් යටතේ පවත්වාගෙන යාමට මෙහිදී එකඟතාවයකට එළඹ ඇති අතර ආයෝජන ශක්තිමත් කර ගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද සාකච්ඡාටව ලක් වී ඇත.

     

    ජනාධිපතිවරයා එවකට සෞඛ්‍යය ඇමතිවරයා ලෙස බංගලාදේශය සමග අත්සන් තබන ලද ඖෂධ මිලදී ගැනීමේ ගිවිසුම පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර සහනදායී මිළ ගණන් යටතේ ඖෂධ හුවමාරු කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

     

    ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මිහින් ලංකා ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයින්ගේ අවධානය යොමු වී ඇත.

     

    පරිසර ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බංගලාදේශ අගමැති ෂික් හසීනා මහත්මිය පුද ලැබීම ගැන ජනාධිපතිවරයා මෙහිදී සිය සුබපැතුම් පළකර ඇති අතර පරිසරයට ආදරය කරන පරිසර හිතකාමියෙකු ලෙස ඒ පිළිබඳ සතුටට පත් වන බවද ජනාධිපතිවරයා පැවසී ය.

     

    මෙහිදී බංගලාදේශයේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස අගමැතිනිය ජනාධිපතිවරයාට ආරාධනා කළ අතර ජනාධිපතිවරයා එය සතුටින් පිළිගෙන ලබන දෙසැම්බර් මස ඒ සඳහා පැමිණෙන බව අගමැතිනියට සහතික විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya