අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති එ.ජා.ස. මහලේකම් සහ දකුණු කොරියානු අගමැති හමුවෙයි

    මැයි 30, 2016

     

    දකුණු කොරියාවේ සියොල් පුරවරයේ ගොයං නගරයේ පිහිටි කොරියා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවති 107 වන ජාත්‍යන්තර රොටරි සමුළුවේ සමාරම්භක උත්සවය අවස්ථාවේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හ්වං ක්යොආන් යන මහත්වරුන් හමු විය.

    ඔවුහු සමාරම්භක උත්සවයට පෙර කෙටි සුහද පිළසඳරක නිරත වූහ.

     

    ලෝකය පුරා සිටින රොටරි සාමාජිකයන් පණස් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වූ අතර, විශේෂ ආරාධිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කී මූන් සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ගරු හ්වං ක්යොආන් මහත්වරුන් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya