මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යළි දිවයිනට - ගුවන්තොටුපළේ හරසර පිළිගැනීමක්

    මැයි 30, 2016

    විරසක වූ ලොව ලක්මවට යළි මිතුරු කරමින් සහ රටට සංවර්ධන ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජපානයේ සිය සිවි දින නිල සංචාරය සාර්ථකව නිම කර ඊයේ (29) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

    එදා මෙදා තුර ශී‍්‍ර ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මාතෘ භූමියට හිමිකර දිය නොහැකි වූ ගෞරවයක් හිමිකර දෙමින් සහ රටට ආර්ථික, සංවර්ධන ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙමින් යළි දිවයිනට පැමිණි ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

     

    පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරීමද සිදු විය.

     

    ජී 7 හෙවත් ලෝක ආර්ථික බලවතුන්ගේ සමුළුවට එදා මෙදා තුර ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ආරාධනා ලැබුණු ප‍්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා ඉකුත් 25 වනදා ජපානය බලා පිටත්ව ගියේය.

     

    ජී 7 සමගාමී සමුළුව සඳහා ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුගේ සහභාගිත්වය සමුළුව තුළ කැපී පෙනෙන සිදුවීමක් වූ අතර ජපාන අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහිදි ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

     

    අනතුරුව කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපතිතුමා අසුන්ගෙන සිටි ස්ථානයටම පැමිණ ජනාධිපතිතුමා වෙත සිය සුභාශිංසන පළ කළේ ශී‍්‍ර ලංකාව කෙරෙහි ඔවුන්ගේ විශ්වාසනීයත්වය හා හිතෛෂීභාවය මැනවින් පිළිබිඹු කරමිනි.

     

    ලෝක ආර්ථික බලවතුන් සමඟ එකම මේසයක අසුන්ගෙන ආසියාවේ සංවර්ධනය පිළිබඳ තීන්දු ගන්නා ජී 7 සමගාමී සමුළුවට ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාට එක්වීමේ භාග්‍ය මෙහිදී උදා වූ අතර ආසියාවේ හඬ ඉස්මතු කරමින්, බටහිර ජාතීන්ට ආසියානු දෘෂ්ටි කෝණය පිළිබඳ පැහැදිළි කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහිදී කටයුතු කළ ආකාරය ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක් විය.

     

    ජී 7 සමගාමී සමුළුවට සහභාගීවීම සහ ජනාධිපතිතුමාගේ ජපන් නිල සංචාරය තුළින් මාතෘ භූමිය ලද ආර්ථික සහ සංවර්ධන ප‍්‍රතිලාභයන් ද බොහෝය.

     

    ඉතා අඩු පොළී අනුපාතයක් යටතේ දීර්ඝකාලීන සහන ගෙවීමේ ක‍්‍රමයට ශී‍්‍ර ලංකාවට යෙන් බිලියන 38 ක සංවර්ධන ණය ආධාරයක් ලබාදීමට ජපාන අග‍්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළ අතර ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය පහසුකම් සැපයීම පිළිබඳව ධනාත්මකව සලකා බලන බව ද කියා සිටියේය.

     

    ඉන්දුනිසියා ජනාධිපති Joko widodo,, වියට්නාම අග‍්‍රමාත්‍ය Ngyuyn Xuan phuk බංගලාදේශ අගමැතිනි ෂික් හසීනා මහත්මියද ජනාධිපතිතුමා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ අතර ජපන් විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති හිරෝයුකි ඉෂිගේ, ඔනොමිචි ඩොක්යාර්ඞ් (Onomichi Dockyard) ආයතනයේ සභාපති ටකාෂි නකාබේ යන මහත්වරුන් ද, ජපානයේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක නියෝජිතයින් ද ජනාධිපතිතුමා හමුවී ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ලබාදිය හැකි සහයෝගයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya