අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ජනපති ශ‍්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 23 වන ගුණ සමරු උත්සවයට ජනපති, අගමැති එක්වෙයි.

    මැයි 01, 2016
    නිදහසින් පසු මෙරට බිහිවූ ජනාධිපතිවරුන් අතරින් පොඩි මිනිහාට වඩාත්ම සමීප වෙමින් පොඩි මිනිහා නියෝජනය කළ ජනතා නායකයෙකු ලෙස දිවංගත ජනපති රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා හැදින්විය හැකි බව ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
    දිවංගත ජනපති ශ‍්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 23 වන ගුණ සමරු උත්සවයට අද (01) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ 12 පේ‍්‍රමදාස පිළිරුව අභියසදී ගුණ සමරු උත්සවය පැවැත්විණි.
     
    පේ‍්‍රමදාස මැතිතුමාගේ පිළිරුව වෙත මල් කළඹක් තැන්පත් කරමින් ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීය.
     
     
    තම පාර්ශවයට ගෞරවය දුන්නා සේම ප‍්‍රතිවාදී අදහස් දැරූ දේශපාලනඥයින් සමග ද ඉතා සුහදශීලීව කටයුතු කළ රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා එදා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සියලූදෙනා අතර ආකර්ෂණීය චරිතයක් වූ බව ද සමරු උත්සවය අමතමින් ජනාධිපතිතුමා පැවසීය.
     
    මහපොළොව මත ජීවත්වෙමින් දිළිදු ජනයාගේ ජන ජීවිතය නගා සිටුවීමට ආරම්භ කළ ගම් උදාව නිවාස ව්‍යාපෘතිය මගින් පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ජනතා ආකර්ෂණය දිනාගත් බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.
     
    රජයක් විසින් සිදුකරන සංවර්ධන කටයුතු පැහැදිලිව මහජනතාව වෙත සන්නිවේදනය විය යුතු බව පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ දැක්ම වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ සංවර්ධන කටයුතු එලෙස මහජනතාව වෙත නොයාම, ප‍්‍රතිවාදී මතයන් සමාජය තුළට පැමිණීමට මගක් වී ඇති බව ද කියා සිටියේය.
     
    එතුමා ආරම්භ කළ විවිධ ජාතික ව්‍යාපෘති අතර එදා මෙන් අදත් ජනතා ආකර්ෂණය පවතින නිවාස සංකල්පය, තවදුරටත් ක‍්‍රියාත්මක කරමින් පු`එල් ජනතා මෙහෙවරක් ඉටුකරන සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට ජනාධිපතිතුමා සිය සුභාශිංෂණ පිරිනැමීය.
     
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මහත් වෙහෙසක් ගත් අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුඑවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ නමින් හෝමාගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ”සෝභිත නාහිමි ආදර්ශ ගම්මානයේ”් නිවාසලාභින් උදෙසා හිමිකම් පත‍්‍ර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ප‍්‍රදානය කෙරිණි.
     
    එමෙන්ම ”සැමට සෙවණ” ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ණය ආධාර ලබාදීමට සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාසලාභීන් 1300 කට හිමිකම් ඔප්පු ප‍්‍රදානය ද සංකේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    කෝට්ෙටි කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය මහතා ඇතුඑ මැති ඇමතිවරුන් ද, හේමා පේ‍්‍රමදාස මැතිණිය, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඑ පවුලේ සාමාජිකයන් ද මෙම සමරු උළෙලට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya