අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට කියුබාවේ සහ එල් සැල්වදොරයේ සහය

    අප්‍රේල් 29, 2016

    කියුබාව සහ එල් සැල්වදොර් යන රටවල සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවේ වකුගඩු රෝග මර්ධනයට ත්‍රෛපාර්ශවික සහයෝගීතාවයක් ඇති කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මෙම අදහස් පළකරනු මෙරටට පැමිණි කියුබාව සහ එල් සැල්වදොර් රටවල වෛද්‍ය විශේෂඥ නියෝජිතයින් සමඟ වකුගඩු රෝග නිවාරණය පිළිබඳව පැවති සාකච්ඡාවේදීය.

     

    මෙම සාකච්ඡාව අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණ.

     

    ශ‍්‍රී ලංකාව සහ එල්සැල්වදොර් යන රටවල් සම දේශගුණික තත්ත්වයන් පවතින රටවල් බවත් එම රටවල් බහුල වශයෙන් රසායනික පොහොර භාවිතා කරන බැවින් වකුගඩු රෝගය බහුලව පවතින බවත් කියුබා විශේෂඥයින් මෙහිදී පෙන්වා දී ඇත.

     

    කියුබාවෙහි වකුගඩු රෝගය තවදුරටත් ව්‍යාප්ත නොවීමට හේතුව රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී සිටීම බව පෙන්වා දුන් කියුබා තානාපතිවරයා වකුගඩු රෝග නිවාරණය සඳහා විශේෂඥ සහ තාක්ෂණික සහය මෙරටට ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට කියුබා තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්ටා ( Florentino Batista) මහතා ඇතුළු විශේෂඥයින් ද, එල් සැල්වදෝර් නියෝජිතයින් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකා ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා සහ වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya