මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර ප්‍රතිනිර්මාණය ඇරඹේ

    අප්‍රේල් 29, 2016

    පොලොන්නරුව ඓතිහාසික උණගලා වෙහෙර ලෝවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට සුදුසු ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ආරම්භ කෙරිණි.

    ” පිබිදෙමු පොලොන්නරුව ” දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය හා සමගාමීව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථාන වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකය.

    ඊයේ පස්වරුවේ ඓතිහාසික උණගලා රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව ඓතිහාසික උණගලා වෙහෙර ප්‍රතිනිර්මාණ කටයුතු ආරම්භ කරමින් මුල් ගල් තැබීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    එය සනිටුහන් කරමින් විහාර පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.

    විහාරාධිපති තමන්කඩුව පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ගිරිතලේ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පළාතේ මහා සංඝතරන්ය ද, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ද, පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya