අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ රසායනාගාර වෛද්‍යවරුන්ට ජනපති උපහාර

    අප්‍රේල් 28, 2016

    වෛද්‍ය රසායනාගාර විද්‍යාවට කළ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර වෛද්‍යවරුන්ට උපහාර සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මහ හෝටලයේ දී ඊයේ (27)  පැවැත්විණි.

    ඊයේ  දිනට යෙදී තිබූ ජාත්‍යන්තර වෛද්‍ය රසායනාගාර දිනයට සමගාමීව ''ජාත්‍යන්තර නව රසායනාගාර ප්‍රවණතා අතික්‍රමණය කිරීම හා මහජනතාවගේ සෞඛ්‍ය සාක්ෂරතාවය විද්‍යාත්මක පදනමකට පරිවර්තනය කිරීම'' තේමාව යටතේ මෙම උපහාර සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

    වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධියක් රටතුළ නිර්මාණය කිරීම සඳහා සුවිශේෂි කැපවීමක් කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්ත මහතා සහ මහාචාර්ය චූලා ගුණසේකර මහතා ඇතුඑ ජ්‍යෙෂ්ඨ රසායනාගාර වෛද්‍යවරුන් 19 දෙනෙකු ජනාධිපතිතුමා අතින් උපහාර සම්මාන ලැබූහ.

    ''නිදහස් සෞඛ්‍ය සේවාවේ තිරසාර සැලැස්ම සහ එහි අභියෝග'' මැයෙන් පර්යේෂණ වාර්තාවක්, ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදෙස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    තවද ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ නිල වෙඩ් අඩවිය අන්තර්ජාලය වෙත මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    මෙම අවස්ථාව සිහිපත් කරමින් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්ත මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

    මෙම අවස්ථාවට වෛද්‍ය රසායනාගාර සේවා නියෝජනය කරමින් විද්‍යාවේදී වෛද්‍යවරුන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදීන් හා ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යා වෘත්තීකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya