අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කිසිම බලපෑමක් ඇතිවීමට ඉඩක් නෑ

    පෙබරවාරි 09, 2016

    නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් කිසිම බලපෑමක් ඇති වීමට ඉඩ නොලබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.


    නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව විසින් සළකා බැලුවාද? ඒ පිළිබඳව මාධ්‍ය මඟින් සිදු වී තිබෙන ප්‍රචාරය පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසී ය.

     

    ඊයේ ව්‍යවස්ථාදායක සභාව රැස්වුණා. ඊයේ නීතිපති පදවිය පිළිබඳ සාකච්ඡා කළා. නම් කීපයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කරගැනීමට ජනාධිපතිතුමාට දන්වා තිබෙනවා. කිසිම ආකාරයක දේශපාලන බලපෑමක් ඇති වී නෑ. වාර්තාවක් සභාවට ඉදිරිපත් කරනවා.කිසිම බලපෑමක් ඇතිවීමට ඉඩක් ලබෙන්නේ නෑ. අපි තිබෙන නිර්ණායක අනුව කටයුතු කරනවා යැයි ද කතානායක මහතා පැවසී ය.

     

    එහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, වලව්වට වගකියන දේශපාලනයක් නොකරන බවත් ව්‍යවස්ථාදායක සභාව ජනතවට පෙනෙන විනිවිදභාවයෙන් කටයුතු කරන බවත් හංගන්න දෙයක් නොමැති බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya