අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

    පෙබරවාරි 09, 2016

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (09) එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.


    ෆීල්ඩ් මාර්ෂල්වරයකු ලෙස පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා හැදින්විය හැකි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වන ප්‍රථම හමුදාපතිවරයා සහ ෆීල්ඩ් මාර්ෂල්වරයාද වන්නේ සරත් ෆොන්සේකා මහතාය.

     

    එක්සත් ජාතික පෙරමුණෙන් ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරයට සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට ඊයේ (08) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟතාවයට පත් වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ ය.

     

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රථමවරට 2010 වසරේ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර දෙවැනි වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද සිට පත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya