අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

    පෙබරවාරි 08, 2016

    බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යවරයා ලෙස පළාත් සභා මන්ත‍්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පත් කර තිබේ.

    ඒ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

     

    සුමිත් ලාල් මෙන්ඩිස් මහතා 1999 සිට අඛණ්ඩව බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකි. ඒ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු ද වෙයි.

     

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන් මහතා සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya