අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නිපැයුම්කරුවන්ට වෙළෙඳපොළ පුළුල් කිරීමට විශේෂ සැලැස්මක්

    පෙබරවාරි 07, 2016

    නව නිපැයුම්කරුවන් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිපැයුම් සඳහා වෙළදපොළ අවස්ථා පුළුල් කර දීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති 2016 නව නිපැයුම් ජනාධිපති සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

    සම්මානලාභින් සිය දක්ෂතා තුළින් බිහිකරන නිර්මාණයන්ට අද වෙළඳපොළ තුළ කොතෙක් දුරට අවස්ථාව සැළසී ඇත්දැයි යන්න ගැටලුවක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතීන් දිරිගැන්වීම සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කටයුතු කරන බවද පැවසීය.

    එමෙන්ම රාජ්‍ය බැංකු හරහා ඔවුන්ට ණය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසූ ජනාධිපතිතුමා නව නිපැයුම් ක්ෂේත‍්‍රයේ වැදගත්කම පිළිබද ජනතාව දැනුවත් කිරීම සඳහා නව නිපැයුම්කරුවන්ගේ දිනයක් ප‍්‍රකාශයට පත්කිරීමට කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමටද විෂයභාර අමාත්‍යවරයා වෙත යෝජනා කළේය.

    සිය නිපැයුම්වල ගුණාත්මකභාවය, ප‍්‍රමිතිය මෙන්ම එහි ආකර්ෂණය පිළිබඳවද සැළකිලිමත් වීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී නව නිපැයුම්කරුවන්ට පෙන්වා දුන්නේ ය.

    රටක්, ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් අපේ දේට ඉහළ අගයක් ලබාදිය යුතු බවද, පැවසු ජනාධිපතිතුමා විදේශීය සංස්කෘතින්ගෙන් සහ විදේශීය ආභාෂයන්ගෙන් ලද අපට නොගැළපෙන බොහෝ දේ වැළදගෙන අපේ දේ යටපත් කළ යුගය අවසන් කළයුතු බවද කියා සිටියේය.

    දේශීය නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් වසර දෙකකට වරක් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරන අතර 2013 සහ 2014 වර්ෂවලට අදාළව ඒ ඒ තාක්ෂණික ක්ෂේත‍්‍රයන්හි හොදම නව නිපැයුම් සඳහා මෙහිදී ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිනි.

    2013 වසරේ හොදම නව නිපැයුම ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ කර්මාන්ත හා තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් කොහු කෙදි නිෂ්පාදනය කිරීමේ යන්ත‍්‍රය නිර්මාණය කළ ඒ.පී.එස්. ලක්ෂ්මන් විජේසිංහ මහතායි.

    2014 වසරේ හොඳම නව නිපැයුම ලෙස වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රයෙන් පුද්ගලයෙකුගේ සජීවි පාදයට සමාන ස්වයංකී‍්‍රය නම්‍යශිලි කෘතිම පාදය නිර්මාණය කළ නිලාන් චතුරංග ලොකුහෙට්ටිගේ මහතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව වෙබි අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලඞ්චුමී, ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් ආචාර්ය මහේෂ් එදිරිසිංහ, අධ්‍යක්ෂ දිනේෂ් සත්රුකල්සිංහ යන මහත්ම, මහත්මීන්ද, මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා ඇතුළු විද්වත් පිරිසක්ද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya