අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය විදේශ අමාත්‍යවරිය ජනපති හමුවෙයි

    පෙබරවාරි 06, 2016

    සියලු ජන කොටස් අතර සාමය, සංහිඳියාව ඇතිකර රට සංවර්ධනය කරා ගෙන යන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය ඉන්දියානු රජයේ ඉමහත් ප්‍රසාදයට ලක් වූ බවත්, එහි සඳහන් ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට ඉන්දිය රජයේ පූර්ණ සහයෝගය හිමි වන බවත් ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

    අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ ස්වරාජ් මහත්මිය ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය රජය, ශ්‍රී ලංකා නව රජයේ ක්‍රියා පිළිවෙත ගැන ඉමහත් පැහැදීමට ලක්ව සිටින බව ද කියා සිටියාය.

     

    ශ්‍රී ලංකාවේ කටයුතුවලට ඉන්දියාවෙන් ලැබෙන සහාය අගය කළ ජනාධිපතිතුමා මෙම තීරණාත්මක අවස්ථාවේදී සංහිඳියා ක්‍රියාවලියටත් ආර්ථික යෝජනා ක්‍රමවලටත් ඉන්දීය රජය ලබාදෙන පුළුල් සහාය පිළිබඳව ස්තූතිය පළ කර සිටියේය.

     

    ඉන්දියාව, ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිත්‍රයෙකු බවත් තමා ජනාධිපති පදවියට පත් වූ පසු ප්‍රථම නිල චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගත්තේ ඒ අනුව බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

     

    ඒ පිළිබඳව ස්තූතිය පළකළ ඉන්දියානු විදේශ අමාත්‍යවරිය ඉන්දියාවේ ප්‍රතිපත්තිය වන්නේ අසල්වැසි රටවල් සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ගැනීම බවත්, අසල්වැසි රටවල් අතරෙන් ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබාදීම ඉන්දියාවේ පිළිවෙත බවද ප්‍රකාශ කළාය.

     

    ඉන්දු ලංකා ද්විපාර්ශවික සාකච්ඡාවලදී පසුගිය වසර වල අතපසු වී තිබූ කාර්යයභාරයන් පිළිබඳව එළැඹි තීරණවලට සතුට පළ කළ ඉන්දීය විදේශ අමාත්‍යවරිය, තාක්ෂණ සහයෝගීතාවය පිළිබඳ නව එකඟත්වයන් ද එහිදී ඇති කර ගැනීමට හැකි වූ බව කියා සිටියාය.

     

    වතුකරයේ ජනතාවගේ සෞඛ්‍යය හා අධ්‍යාපන කටයුතු නංවාලීමට රජය පුළුල් වැඩසටහනක් දියත් කරන බැවින් ඒ සඳහා ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

     

    එයට එකඟත්වය පළකළ ස්වරාජ් මහත්මිය අධ්‍යාපන හා තාක්ෂණික කටයුතු සඳහා අයිටෙක් (ITECH) එකඟතාවය යටතේ ආධාර කරන බව සහතික කළාය.

     

    රටේ සංහිඳියාව ඇති කිරීම, ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංශෝධනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව රජයේ පිළිවෙත ජනාධිපතිතුමා විසින් මෙහිදී ඉන්දියානු විදේශ අමාත්‍යවරියට විස්තර කළේය.

     

    මේ අවස්ථාවට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් සහ මහකොමසාරිස් වයි.කේ සිංහා මහතා ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya