මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භ වෙයි

    නොවැම්බර් 27, 2015

    "පොදුරාජ්‍ය මණ්ඩලය ගෝලීය වටිනාකමට නව ශක්තියක්" යන තේමාව යටතේ එංගලන්තයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් 24 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද (27) පෙරවරුවේ ආරම්භ කෙරිණි.


    පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ එම මණ්ඩලයේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් ඊට එක්ව සිටියහ.

    සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මූලික සැලකිල්ල යොමු විය යුත්තේ සාධාරණත්වය තහවුරු වන සියල්ලන් ඇතුළත් වන ආකාරයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට බවයි.

    පොදු රාජ්‍ය මන්ඩලීය තරුණ සභාවේ ප්‍රථම සභාව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබෙඳවද ජනාධිපතිතුමා මෙහිදී සිය සතුට පළ කළේය.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ තමාට සහය ලබාදුන් පොදු රාජ්‍ය මණ්ඩලීය සියලු රටවල නායකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එළැඹෙන වසර දෙක තුළ මෙහි සභාපති ධූරය දරන මෝල්ටා රාජ්‍යය වෙත තම සුභාශීංසන පිරිනැමීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya