අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාවකාලික පැලැස්තර නැති රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනවා

    නොවැම්බර් 27, 2015

    තාවකාලික පැලැස්තර නැති රට ඉදිරියට ගෙන යන රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනවා යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදයේ අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

     

    ප්‍රධාන භාණ්ඩ රැසක මිල අඩුකර ජනතාවට සහන ලබාදුන් අයවැයක්.කුමන ආණ්ඩුවක් තිබුණත් මහජනතාව බලාගෙන සිටින්නේ සහන ලබාගන්නයි.එහෙත් අපි ජනවාරි 08 ආණ්ඩුව ලබාගන්නකොට ප්‍රශ්න ගොඩකට මුලපුරා තිබුණා.


    අයවැය කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. රජයට අවශ්‍ය රාජ්‍ය සේවකයන් ලබාගන්නා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. සංවර්ධනයට යන මුදල්, නිසි පරිදි සංවර්ධනයට යනවා ද බලන්න ඕන. එදා වතු ජනතවට සළකා තිබුණේ වෙනස් හැන්දකින්.අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. තාක්ෂණය අද නැතුව බෑ. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට ඔවුන්ට පහසුකම් ලබාදිය යුතුයි.මේ රට දියුණු කරන්න ආයෝජනය අවශ්‍යයි.

    පසුගිය රජයේ විදේශ ප්‍රතිපත්තිය කොලේ වහලා කළේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝකයේ ගෞරවය,ආදරය දිනාගෙන රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.


    තාවකලික පැලැස්තර නැති රට ඉදිරියට ගෙන යන රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරනවා.නීතිය අපේ අතට ගන්න බෑ.ජාතික ආරක්ෂාව ඉදිරියෙන් තබාගෙනයි කොයි දේත් කතා කරන්නේ.ජාතිවාදී ක්‍රමවේදය මේ රටින් ඉවත් කිරීමේ කාලය පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya