අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

    ඔක්තෝබර් 09, 2015
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිමෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව ලබන වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ගෙන ඇති යෝජනාව දැනුම් දීම සඳහා මෙම නියෝජිත පිරිස ජනාධිපතිතුමා හමු වූ අතර ඒ පිළිබඳ ව ජනාධිපතිතුමා තම සතුට පළ කරන ලදී.
     
    ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සිහිපත් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් ශක්තිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන උපදෙස් හා දායකත්වය අඛණ්ඩව ලබාදෙනු යැයි විශ්වාසය පළ කළේය.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලු ආයතන සමග ඉතා ශක්තිමත් සබඳතාවයක් රජය විසින් පවත්වාගෙන යන බව කී ජනාධිපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ සමුඑවට සහභාගී වූ අවස්ථාවේ එහි මහ ලේකම් බෑන් කී මූන් මහතා සමග පැවති හමුවේදී එම බැඳීම වඩාත් තහවුරු වූ බව ද සඳහන් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya