මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදහම් යාත්‍රා පෝය දින වැඩසටහන මෙවර කලාවැවදී

    ජූලි 31, 2015

    සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ ඇසළ පුන් පොහෝ දින වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (31) පෙරවරුවේ ඓතිහාසික කලාවැව විජිතපුර රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය විජිතපුරේ විමලරතන නායක ස්වාමින් වහන්සේ අද ධර්ම කථීකයාණන් වහන්සේ වූහ.

    අද පෙවරුවේ ඓතිහාසික කලාවැව විජිතපුර රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබාගත් අතර විහාරාධිපති ධර්මකීර්ති පූජ්‍ය හල්මිල්ලවැවේ ශ්‍රී සුමන ධම්මාරාම හිමිපාණන් වහන්සේද බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.

    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු සංඝවාසාය විවෘත කෙරුනේද ජනාධිපතිතුමා අතිනි.

    ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද සුහද කතා බහක නිරත විය.

    ගමේ ජනතාවත් සමඟ ගමට ගොස් ආගමික වතාවත්වල නිරතවී සමාජයේ නායකයින් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගනිමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සැම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාව ක්‍රියාත්මක කෙරේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya