අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසිලන්ත ආයෝජකයන් පිරිසක් ශ්‍රී ලංකාවට

    ජූලි 30, 2015
    ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට නවසිලන්තයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් පිරිසක් නොවැම්බර් මස අග භාගයේ දී ශ්‍රී ලංකාවට යොමු කරන බව නවසිලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මොර්ටන් මහතා පැවසීය.
     
    නවසිලන්ත මහ කොමසාරිස්වරයා අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවු අවස්ථාවේදී මේ බව පැවසීය. 
     
    රටට සහ සමාජයට අවශ්‍ය පරිවර්තනයන් රැසක් සමගින් නව රජය රට තුළ ආරම්භ කර ඇති  වැඩපිළිවෙළට පළමුව සිය සුබපැතුම් පළ කළ නවසිලන්ත මහකොමසාරිස්වරයා එම වැඩපිළිවෙළ එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ද දැඩි පැසසුමට ලක්ව තිබෙන බව ප්‍රකාශ කළේය.
     
    රටේ කෘෂිකර්මාන්තය ඉහළ නංවමින් ස්වයංපෝෂිත ආර්ථීකයක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරනු ලබන කැපවීමද මෙහිදී අගය කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවට ද ප්‍රතිඥා දුන්නේය.
     
    කෘෂි කර්මාන්තය සහ දියර කිරි නිෂ්පාදනය සඳහා නවසිලන්තය යොදා ගන්නා ඉහළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස මෙහිදී ජනාධිපතිතුමා නවසිලන්ත මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් ද කළ අතර ඒ කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය. 
     
    එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර කිහිපය ආයෝජන අවස්ථා සඳහා ඉදිරි මහ මැතිවරණයෙන් පසු ගිවිසුම් කිහිපයකට එළැඹිමට නවසිලන්තය අපේක්ෂාවෙන් සිටින බවද මහ කොමසාරිස්වරයා පැවසීය. 
     
    ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය නගා සිටුවීමට සඳහා සහය ලබාදෙන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා නවසිලන්ත රජයෙන් ඉල්ලීමක් කළේය. 
     
    ශ්‍රී ලංකාවට පැමිණෙන නවසිලන්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. දෙරට අතර සබදතා ඉතා සුබදායි ගමන් මගකට අවතීර්ණ වී තිඛෙන බව එයින් තහවුරු වන බව පැවසූ මහකොමසාරිස්වරයා ඉදිරියේදී සෑම අතින් ම ශ්‍රී ලංකාව සමග ඇති සබදතා වැඩිදියුණු කර ගැනීම අපේක්ෂාව බවද ප්‍රකාශ කළේය. 
     
    නවසිලන්තයේ වෙසෙන 23,000ක් පමණ වන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා නවසිලන්ත රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව ද මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ස්තූතිය පිරිනැමු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා නවසිලන්තය මෙතෙක් ලබාදුන් සහය ද අගය කළේය.
     
    විශේෂයෙන් ම ජාත්‍යන්තර තලයේ දී නවසිලන්තය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ව ද ජනාධිපතිතුමා නවසිලන්ත මහ කොමසාරිස්වරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya