අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨය ජනපති අතින් සිසු අයිතියට

    ජූලි 02, 2015
    මාවනැල්ල, උස්සාපිටිය අරණායක රිවිසඳ මධ්‍ය විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාපීඨය සිසු අයිතියට පවරාදීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පැවැත්විණි. 
     
    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය. 
     
    සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණ විද්‍යා පීඨය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරතවිය. නැණසල දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය, නව ගණිතාගාරය, භාෂාගාරය, තොරතුරු හා තාක්ෂණ විද්‍යාගාරය එහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වූ අතර ජනාධිපතිතුමා එහි සිසු දරුවන් සමග සුහද කථා බහක ද නිරත විය. 
     
    මෙම අවස්ථාවට ප්‍ර දේශයේ දේශපාලන අධිකාරීහු, විදුහල්පතිතුමා සමඟ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළ පිරිසක් ද එක්ව සිටියහ. 
     
    ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya