අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අමාත්‍යවරු 04ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    මැයි 29, 2015
    නව අමාත්‍යවරු හතර දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
     
    ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා පත් කර  තිබේ.
     
    පරිසර රාජ්‍ය අමාත්‍ය ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කර තිබේ.
     
    රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය  අමාත්‍ය ලෙස පණ්ඩු බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.
     
    ‍නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ලෙස හේමාල් ගුණසේකර මහතා පත් කර ඇති අතර ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ලෙස චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පත් කර තිබේ. 
     
    ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, රංජිත් සියඹලාපිටිය මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මේ වන විට කටයුතු කරමින් සිටින අතර එම නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්ට අමතරව ඔවුන් මෙම රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා  පත් කර ඇත.
     
    ( ඡායාරූප -  ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya